💕Episode 16💕

Bắt đầu từ đầu
                                    

"ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් ද? ඔයා Jin hyung ව, Yoongi hyung ව Hoseok hyung ව අදුරනවා. මම ඉන්නෙ එයාලත් එක්ක. ඉතින් ඔයාගෙ නම දන්න එක අහන්නත් දෙයක්ද?" හහ්?

Hoseok? එ කවුද ඒ?

"Hoseok කියන්නේ කාටද? මන් එහෙම කෙනෙක් ව අදුරන්නෙ නැහැනේ"

ආ... අන්න එයාගෙ මූණ වෙනස් උනා. "හරි හරි hyung ඔයාව දන්නවා උනාට ඔයා hyung ව දන්නේ නැහැ නේ. ඒක අමතක කරලා දාන්න අනික.."

ඒ කියන්නේ මෙයාල ගෙදරදී මන් ගැන කතා කරනවා ද?

"මේක නම් මාර අවුලක්. ඔයා කියන්නෙ දැන් ඔයාල මන් ගැන කතා කරනවා කියලා ද?" මම කෙලින්ම මූණ ට ම ඇහුවා.

ආපහු මේ jungkook හිනා වෙන්න ගත්තා.

" ඔයා නම් පුදුම අමුතු කෙනෙක් තමයි. ඔයා හිතන්නේ අපි මුළු දවසම ඔයා ගැන කතා කර කර ඉන්නවා කියලද? අපි නිකන් ඔයා ගැන ටිකක් කතා කළා එච්චරයි" එයා කිව්වා. අයියෝ පුදුම ලැජ්ජාවක් තමයි උනේ. ඒ අස්සේ මේ Jungkook මගේ ඔළුවට ඇඟිල්ලකින් ඇන්න. මේ Jungkook නම් පුදුම වදයක්.

Aish....!

හැබැයි මන් හිතන්නේ මමත් ඒකට කැමති උනා. නැත්නම් අැයි මම එයාව නතර කළේ නැත්තේ?

අනේ මන්දා...

"හරි හරි දැන් එකෙන් වැඩක් නැහැ. ඒක නෙවෙයි ඔයා තනියෙන් ද ආවේ?" මම ඇහුවා. ආහ්! මෙයාට මොකද මේ වෙලා තියෙන්නේ? එයා මන් දිහා දිහා බලන් ඉන්න විදිහ මාව නිකන් පිස්සු වට්ටනවා වගේ. එයාගෙ මූණේ තියෙන ඒ පුංචි හිනාව..... ආ..... හ් මේ හිනාව නිසා මම නිකම් කාන්දමක් වගේ එයා ට ඇදිලා යනවා.

මේක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. Yerin-Ah ඔයාව පාළනය කර ගන්න.

ඔව් මට මාව පාළනය කර ගන්න පුළුවන්.

"ඔව් මම තනියම ආවේ" එයා නිකන් ඒක කිව්වේ තනියම ආපු එකට එයා කැමති නැහැ වගේ. මම අැස් කරකවලා බැලුවා.

"ඉතින් ඔයා බඩු අරගෙන ඉවර ද?" මම ඇහුවා. මටත් ඉතින් ඔක්කොම ඕපා දූප හොයන්න ඕනේ උනානේ.

"හ්ම්ම්.... නැහැ ඇත්තටම මන් දන්නේ නැහැ මේ දේවල් කොහොම ගන්නද කියලා. Jin hyung මට ලොකු ලිස්ට් එකක් දුන්නා නේ" ආපහු Jungkook කිව්වේ එයාගෙ දුක හිතෙන කටහඬින්. මට හිනාවකුත් ආවා. එයා බඩු ලිස්ට් එක පෙන්නුවේ නිකන් Jin oppa එයා ට යුද්දෙට එන්න කියලා ලියුමක් ලියලා වගේ. මම එයාගෙ අතින් කොලේ අරන් අනික් පැත්ත හැරුණ. මන් ට්‍රයි කලේ Jin hyung ගෙ ලිස්ට් එක කියවන්න.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ