💕Episode 14💕

Começar do início
                                    

"Hyung, මට දැන් යන්න තැනක් නැහැ. මට ඔයාලත් එක්ක ඉන්න පුළුවන් ද? හරියට ඉස්සර වගේ?" හරිම දුක හිතෙන විදිහට තමයි Jungkook ඒක ඇහුවේ.

ඒ උනාට...

"අ....මන් දන්නේ මොනා කියන්නද කියලා මොකද මම මගේ රූම් එකත් Namjoon එක්ක ශෙයා කරගන්නේ. අනික ඊයේ Hoseok කිව්වා එයත් එනවා කියලා. ඉතින් මට හිතෙන්නේ හතර දෙනෙක්ට ඒ කාමරේ නම් ඉන්න බැරි වෙයි... " මම තත්වේ උපරිමයෙන්ම විස්තර කරන්න තමයි ට්‍රයි කලේ.

"ඔව්, මට තේරෙනවා. මන් වෙන තැනක් හොයා ගන්නම්" Jungkook ගෙ මූණ ම වෙනස් උනා. ආ....හ්... මේ Jungkook-ah නම් කවදාවත් ඉවර වෙනකන් අහන් ඉන්නේ නැහැනේ.

"JUNGKOOK-AH, මුලින්ම අහන්න මන් මොකක්ද කියන්න ගියේ කියලා" අන්න එහෙම පොඩ්ඩක් තදින් කිව්වම තමයි ඔලුවට යන්නේ. "Jin hyung ඉන්නේ මට එහා පැත්තෙ කාමරේ නේ. ඔයා ට ඉතින් Jin hyung ගෙ රූම් එකේ ඉන්න පුළුවන් නේ" අම්මෝ ඇති යාන්තම් කියලා ඉවර වෙනකන් Jungkook අහන් හිටියා.

"ඔය ඇත්තටම ද hyung ඔයා කියන්නෙ?" හා? මොකෝ Jungkook-ah ට මාව ෂුවර් නැද්ද?

"ඔව් ඔව් මම ඇත්ත තමයි කිව්වේ. මෙච්චර කල් නම් Jin hyung තනියම හිටියේ හැබැයි ඊයේ නම් Jimin ආවා. හැබැයි ඔයා ට ඉන්න බැරි වෙන එකක් නැහැ. ඒ රූම් එක ටිකක් ලොකු යි" මට ෂුවර් Jin hyung ගොඩක් සතුටු වෙයි Jungkook ආවාම.

"එහෙනම් හොඳයි. ඔයාලා ඉන්නේ කොහෙද?" Jungkook ඇහුවා. මන් ගෙදර යන්න පුලුවන් short cut එකක් කිව්වා. එයාට ඒක මතකද? අනේ මන්දා හැබැයි මූඩ් එකේ විදිහට නම් අවුලක් නැහැ වගේ...

"හරි hyung මන් එහෙනම් දැන් යන්න ඕනේ Jin hyung ගෙන් අහන්න ඕනේ මට ඉන්න පුළුවන් ද කියලා" අපි දෙන්නම් කවුන්ටරය ළඟට ආවා.

Jungkook Yerin දිහා බලපු විදිහ..... මට පේන විදිහට නම් Jungkook එයා ට කැමතියි. මට එහෙම එකක් Jungkook ගෙන් පේනවා.

"ඉතින් ඔයා යන්නද යන්නේ?" Yerin ඇහුවා. හා....මේ දෙන්නා නිකන් රෝමියෝ ජුලියට් වගේනේ. දෙන්නම දෙන්නට කැමැතියි වගේ.

"ඔයාගෙ කකුල දැන් අවුලක් නැද්ද?" Jungkook අර ප්‍රශ්නෙ මග ඇරලා ඇහුවා. කකුල? අැයි Yerin ගෙ කකුලට මොකද උනේ? මට නම් කිසි අවුලක් පෙනුනේ නැහැනේ උදේ ඉඳන්.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Onde histórias criam vida. Descubra agora