අපි ෂොප් එකේ කොනක ට ගියා. එතැනට මට බේකරිය පැත්තත් හොඳට පේනවා.

"ඉතින් Jungkook, හුඟක් කාලෙකට පස්සෙ. කොහොමද ඉතින්?" මන් කට ට ආපු එකක් කිව්වා. "ඔව් මන් දන්නවා ඔයාට මාත් එක්ක තරහ ත‍් ඇති... හැබැයි..." එයා කොහොමද 'හැබැයි' කියලා කියන්නේ?

"ඔව් මම තරහින් තමයි. අැයි ඔයා අපිව දාල ගියේ?අනික් අයට වෙන් වෙන්න උනේ වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා. ඒත් ඔයා මොකක්ද කළේ? ඔයාට කම්පැනි එක බලාගන්න තිබ්බ. ඒක හරි . ඒත් ඔයාට අපිත් එක්ක ඉන්න කාලේ නැති උනේ **** කම්පැනි එකක් නිසා නෙවෙයි. එයා නිසා. අපි ඒක පවුලක් කියලා නේද කිව්වේ?" මට ගොඩක් ම තරහ ගියා. හරි මන් මාව පාලනය කර ගන්න ඕනේ.

"මන් දන්නවා. මන් දන්නවා මේ ඔක්කොම මගේ වැරදි කියලා... මම.... මම ඒ ගැන ගොඩක් පසුතැවිලි වෙනවා දැන්. මන් දන්නේ නැහැ මොනා කරන්නද කියලා. අනික.... දැන් එයා යි මායි අතර කිසිම දෙයක් නැහැ. අපි වෙන් උනා" Jungkook කියාගෙන ගියා. හැබැයි පේන විදියට නම් ඒක සම්පූර්ණ කතාව නෙවෙයි වගේ.

".... හරි හරි එයා මාව අතහැරලා දැම්මා. මට මගේ කම්පැනි එක නැතිවුන හින්දා" අන්තිමේ Jungkook හරිම කතාව කිව්වා.

"මොකක්??? ඔයාගෙ කම්පැනි එක නැති උනා? Yaaaa මොකද උනේ? ඔයාට අවුලක් නැහැ නේද?" මොකද මේ Jungkook එක පිට එක බෝම්බ ගහනවා වගේ දේවල් කියාගෙන යන්නේ?

"ඔව්, ඔක්කොම සල්ලි නැති උනා. හැමදේම නැතිවුණා. ආආආආහ්.... මන් දන්නේ නැහැ hyung මොනා කරන්නද කියලා..." මට පේනවා Jungkook එයාගෙ කදුළු එළියට පනින්නේ නැතුව තියා ගන්න ලොකු ට්‍රයි එකක් දෙනව කියල. මම නිකන් එයාගෙ උරහිසට පොඩි තට්ටුවක් දැම්මා.

"මට ආපහු හැමදේම කලින් තිබ්බ වගේ තියෙන්න ඕනේ. හරියට ඉස්සර අපි හැමෝම එකට හිටපු කාලේ වගේ" Jungkook ඉරි තැලිලා ගියපු කටහඩ කින් කිව්වා. ඔව්! මටත් ඕනෙ කරන්නෙ ඒකමයි. අනික මන් හිතනවා ඒක ළඟදීම වෙයි කියලා.

"හරි හරි දැන් ඔක්කොම හරි" මම නිකන් කිව්වා. මම දන්නේ නැහැ මේ වගේ වෙලාවට මොනා කියන්නද කියලා. මම මගේ හැගිම් එළියට පෙන්නන්න එච්චර දක්ෂ නැහැ. මෙතන Hoseok හරි Jin hyung හරි හිටිය නම් එයාල දන්නවා මොනා ද කරන්න ඕනේ කියලා.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Место, где живут истории. Откройте их для себя