💕Episode 12💕

Start from the beginning
                                    

ඒක Yoongi ගෙ.

ඒත් එයා කොහෙද? මන් Yoongi ව හෙව්වා.

ආ.. හරි නේ. මටත් පිස්සු. මම ම නේ ස්ටෝර් රූම් එකට යැව්වේ.

එ වෙලාවෙ කස්ටමර් ලා වැඩි දෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා මම අඩියට දෙකට ස්ටෝර් රූම් එකට ගියා. හොඳ වෙලාවට ඊයේ බෙහෙත් ගත්තෙ. නැත්නම් අද මෙහෙම වේගෙන් යන්න තියා ඇවිදිනවත් බොරු. තිබ්බ හදිස්සියට ඉක්මනට දොරෙන් ඔලුව දැම්මා. Yoongi ස්ටූල් එකේ නැගගෙන බඩු අහුරනවා.

"මිස්ටර් Yoongi, ඔයාගෙ ෆෝන් එක රින්ග් වෙනවා" මම නොඉවසිල්ලෙන් කිව්වේ. ඉක්මනට යන්න එපැයි ඉස්සරහට. හොරෙක් වත් පැන්නොත් මොන දෙයියන්ට කියන්නද? Yoongi මන් දිහා බැලුවේ නම් එච්චර හොඳ මූඩ් එකකින් නම් නෙවෙයි.

"ඔයා ට පුළුවන් නම් කෝල් එක answer කරන්න නැත්නම් ඔන්න ඕක සයිලන්ට් කරලා දාන්න" ඒක තමයි එයාගෙ ප්‍රතිචාරෙ. එයාට ඔලුව වනලා සන් කරපු මම ආපහු කවුන්ටරය ළඟට ආවා. මට එයා කියපු මොකුත් කරන්න නම් බැරි උනා මොකද මම එද්දී ෆෝන් එක කට් වෙලා.

"ඔයා ට ටිකක් ඉක්මන් කරන්න පුළුවන් ද?" කස්ටමර් කෙනෙක් එහෙම කියපු නිසා මම එයාගෙ බඩු බිල් කරන්න ගත්තා. ඔන්න ආපහු අර කන්කරච්චල් ෆෝන් එක ring වෙන්න ගත්තා. ආ.... හ්... මොන වදයක් ද මේ? මට තත්පරයකට ෆෝන් එක දිහා බැලුනේ ඉබේටම යි.

"ඒයි ඉක්මන් කරන්න... ඔයාට ඔයාගෙ වැඩේ හරියට කරන්න බැරිද? මම මෙතන ඉන්න නෙවෙයි අද ආවේ. ඔයා හරියට වැඩ කළේ නැහැ කියලා මන් ඔයාව රිපෝට් කරනවා හොඳද?" ආ....... හ්.... මේ කස්ටමර් නම්.....

"මට සමාවෙන්න මැඩම්!" මම ඉක්මනටම මගේ වැඩේ කළා. අන්තිමේ ඒ කස්ටමර් යන්න ගියා.

හොඳ වෙලාවට බේකරිය ට කවුරුත් ඇවිත් නැහැ. නැත්නම් ඕක බලන්නත් යන්න එපැයි.

ආහ්! මේ විකාර ෆෝන් එක ආපහු රින්ග් වෙනවා. මේ පාර නම් answer කරන්න ඕනේ.

හ්ම්ම්ම්...... පේන විදිහට නම් ඒක සේව් කරල තියෙන නම්බර් එකකින් එන කෝල් එකක් නෙවෙයි වගේ.

"Hello, මේ..."
"Yoongi hyung,..."
"මිස්ටර් Yoongi ගෙ ෆෝන් එක"
"අනේ ඔයා... ආහ්???"

ආහ් අනික් පැත්තෙන් කතා කරපු කෙනා ඉවක් බවක් නැතුව කතා කරන්න ගත්තනේ. මං කියපු දේ හරියට ඇහුනේ නැ වගේ.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now