💕Episode 04💕

Start from the beginning
                                    

~අඩු තරමේ දැන්වත් ඔයාට මාව විශ්වාස ද? ~
එයාගෙ මූණේ න් එහෙම කියවුණා.

මන් මොකුත් ම කියන්නේ නැතුව බිම බලාගත්තා.

ඊටපස්සේ එයා මාව උස්සගෙන ම ෆාමසිය ඇතුලට ගියා.

ෆාමසියේ වැඩ කරන oppaත් අපි දිහා පුදුම වෙලා බැලුවා.

"Hyung, මොනාද ඔයා බලන් ඉන්නේ? උදවු කරන්න මට.... මං හිතන්නේ මෙයාගෙ කකුල කැඩිලා." මේ පිස්සු මනුස්සයා ෆාමසියේ oppa ට කෑ ගැහුවා.

මේ මනුස්සයට පිස්සුද? මගේ කකුල නිකං උළුක්කු වෙලා විතරයි. මෙයා කොහොමද කියන්නේ මගේ කකුල කැඩිලා කියලා.

අයියෝ මේ මනුස්සයට නම් ඇත්තටම පිස්සුද කොහෙද....

එයා මාව ෆාමසියේ තිබ්බ ස්ටූල් එකක් උඩින් තිබ්බා. ඊටපස්සේ ෆාමසියේ oppa ඉක්මන් කරලා මං ගාවට ආවා.

ඊට පස්සේ එයා, මං කිව්වේ අර අමුතු හාදයා කිසිම දෙයක් නොකියා ෆාමසියේ oppa ට මාව චෙක් කරන්න ඉඩ දීලා එහාට උනා.

"Yerin, මොකද උනේ? ඔයාට ගොඩක් අමාරුද? ඔයාට ගොඩක් අමාරු නම් හොස්පිට්ල් එකකට යන එක තමා හොඳ.. මට ඔයාට උදවු කරන්න විදිහක් නෑ." Seokjin oppa මන් ගැන ගොඩාක් වද වෙනවා.

"අනේ නෑ oppa, මට එච්චර අමාරු නැහැ. මේ කකුල නිකං පෙරලුණා විතරයි... ඔයා මට නිකං ප්‍රථමාධාර ටිකක් විතරක් දෙන්න. ආහ්, අර මනුස්සයා ව ගනන් ගන්න එපා.... ඒ මනුස්සයට හොඳටම පිස්සුද කොහෙද " අන්තිම හරිය නම් මන් කිව්වේ ගොඩාක් ම සද්දෙ අඩු කරලා. රහසක් වගේ.

ඒ කතාව ට oppa ගෙ මූණ ට පුංචි හිනාවක් ආවා.

"හරි ඉන්න. මන් ඔයාගෙ කකුල චෙක් කරන්නම්" එයා මගේ කකුලේ වළලු කරට අත තියල, මෙතන රිදෙනව ද? මෙතන රිදෙනව ද? කියලා අහ අහා කකුල චෙක් කලා. හරියට ඩොක්ටර් කෙනෙක් වගේ.

අන්තිමේ මේක එච්චර සීරියස් නෙවෙයි කියලා චෙක් කරපු oppa බැන්ඩේජ් එකකින් කකුල එතුවා.

හරි ඒකත් ඉවරයි.

"ඕඕහ් ගොඩක් ස්තුතියි oppa... දැන් මට සනීපයක් දැනෙනවා" මන් එහෙම කිව්වා. Oppa ලස්සන හිනාවක් දාලා මට ඇහැක් ගැහුවා. ඕහ්, හරි මන් දන්නවා ඒක එයාගෙ පුරුද්දක්.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now