💕Episode 03💕

Start from the beginning
                                    

මටත් එයා එහෙම සමාව ඉල්ලද්දී දුක හිතුනා.

"අනේ නැහැ ඒක ඔයාගේ වැ‍රැද්දක් නෙවෙයි. මේක මේ මට මීට කළින් උන දෙයක් නිසායි රිදෙන්නේ. " මට මතක් උනා කළින් මගේ ගෙදරදී වෙච්ච දේවල්.

මම ඒවා අමතක කරන්නත් එක්ක ලොකු හුස්මක් අරන් පිට කළා.

"ආහ්! ඒ අර පිස්සු බීපු මනුස්සයා නිසාද?" පේන විදිහට එයාට ගොඩක් තරහ ගිහිං වගේ. ඔව්, මට එයාගෙ අැස් දෙකෙන් එ තරහ හොඳටම දකින්න පුළුවන් වුණා.

ඒක නම් හරි අමුතු හැඟීමක්.

කෙනෙක් මං වෙනුවෙන් තරහ ගන්නවා. ඒකත් මේ නන්නාඳුනන කෙනෙක්, මිනිත්තු දෙක තුනකට කලින් හම්බ උන.

සමහරවිට එයා හරිම හොඳ මනුස්සයෙක් වෙන්න ඇති.

පොඩ්ඩක් ඉන්න!

සමහරවිට මේ මනුස්සයා හදන්නේ මාව මෝඩයට අන්ඳලා මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න ද දන්නෑ.....!

අම්මෝ දැක්ක නේ ඉස්සෙල්ලා බොරු කියපු විදිහ.

මෙයාගෙ න් නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕන.

"නැ නැ එ මනුස්සයා නිසා නෙවෙයි. ඒක මගේ දෙයක්." එහෙම උත්තර දීපු මම ආපහු තනියම ඇවිදින්න උත්සහ කළා. හැබැයි ඉතිං ඒක මං හිතපු තරම් නම් ලේසි උනේ නැහැ.

"මේ අහන්න, මගේ අත අල්ල ගන්න. මට පුළුවන් ඔයාට ඇවිදින්න උදවු කරන්න." එයාගෙ අැස් ගොඩක් තියුණු යි වගේම ආකර්ෂණීය යි.

මගේ තැන වෙන ගෑනු ළමයෙක් හිටියා නම් අනිවාර්යයෙන්ම මේ කොල්ලට කැමති වෙනවා එකපයින්ම.

හැබැයි ඉතිං මම වෙනස්! මං හැමවෙලේම මිනිස්සු ගැන ගොඩක් ම අවධානයෙන් ඉන්නේ. ගොඩක් ම දන්නේ නැති මිනිස්සු ගැන.

අනික දැන් රෑ මැදියම ත් පහු වෙලා නේ.

මම එයා දිහා කෙලින්ම රවලා බැලුවා.

ආ......... මොනාද මේ මනුස්සයා මේ කරන්නේ?

මේ මනුස්සයට පිස්සු හැදිලා ද?

මෙන්න එකපාරටම මේ මනුස්සයා මාව උස්ස ගත්තා.

"ආාාාාාාාාාාාා........... හ්හ්හ්හ්, මාව බිමින් තියනවා......... අනේ.... මට උදවු කරන්න......... කවුරුත් නැද්ද?............. මේ මනුස්සයා මාව පැහැරගෙන යනවා........ අනේ කවුරුහරි උදවු කරන්න..................." මං පුළුවන් තරං හයියෙන් කෑ ගැහුවා.

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Where stories live. Discover now