💕Episode 02💕

Beginne am Anfang
                                    

මොකද උනේ?

මං හිමිට අැස් ඇරලා බැලුවා. මගේ අත් දෙකත් හිමින් පාත් කළා.

හ්ම්!! මොකද වෙන්නේ? මේ කවුද මේ? අැයි එයා මේ මට ගහන්න හදන මනුස්සයා ව නවත්වලා තියෙන්නේ?

මං දන්නේ නැහැ...

"මොන විකාරයක් ද කරන්නේ උඹ පොඩි එකෝ? උඹ හිතන්නෙ මම කවුරු කියලා ද? මුලින්ම කෙල්ල. දැන් උඹ!!! උඹලා දෙන්නම මාත් එක්ක විහිළු කරනවද? මගේ අත අතාරිනවා ****"

ඒ බීපු මනුස්සයා ඒ කොල්ලාගේ අත ගසලා දැම්මා.

ඒ කොල්ලා ලොකු හුස්මක් ගත්තා... අම්මෝ පේන විදියට මේ කොල්ලා නම් බීපු මනුස්සයට ත් වඩා චණ්ඩියෙක් ද කොහෙද!

"ඔයා හොඳින් ද?" මං ගාවට නැමුණු ඒ කොල්ලා ගොඩක් හිතවත් විදිහට ඇහුවා. මට එයාට කිසිම උත්තරයක් දෙන්න බැරි උනා. මොකද කලින් අඬපු නිසා මගේ උගුරත් එක්ක සවුත්තු වෙලා තිබ්බේ.

ඒ නිසා මං ඔව් කියල කියන්න මගේ ඔලුව වැනුවා.

ඊට පස්සේ එයා මට නැගිටින්න එයාගෙ අත දුන්නා. අනික එයාගෙ අනික් අත මගේ උරහිස වටේ දාලා මට නැගිටින්න උදවු කළා.

එ උනාට මට හරියටම නැගිටින්න බැරි උනා. මං හිතන්නේ මගේ කකුල උළුක්කු වෙලාද කොහෙද... අයියෝ.....

ඉතිං මට හරියටම හිටගන්න බැරි උනා. ඒ නිසා එයා මාව අල්ලගත්තා.

"ඕහ් හෝ! උඹ *****, මේ උඹේ මිනිහ ද? දැන් මට උඹලා දෙන්නව ම මරල දාන්න පුළුවන්!"

අයියෝ..... මේ පිස්සු මිනිහා ආපහු කෑ ගහනවා.

මේක නම් මාර පිස්සු වෙලාවක්!

එක පැත්තකින් මේ පිස්සු මනුස්සයෙක් කෑ ගහනවා. අනික් පැත්තෙන් මගේ කකුල උළුක්කු වෙලා අනික එපාම කරපු දේ තමා මේ නාදුනන මනුස්සයෙක් මාව අල්ල ගෙන ඉන්න එක.

අයියෝ මට නම් දැන් ගොඩක් රිදෙනවා. තවත් නම් ඉවසගෙන ඉන්න බැහැ. ආහ්, දැන්නේ මට දැනුනේ මේ කොල්ලා මගේ අත තදින් අල්ලගෙන ඉන්නවා. මාරම තදින්.. දෙයියනේ මේ අතට ම තමයි කලින් මගේ බාප්පාත් ගැහුවේ.

අහ්, දෙයියනේ.... දැන් මගේ අතයි කකුලයි දෙකම රිදෙනවා.

ගොඩා.... රියක්.......! අයියෝ.....!

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓Wo Geschichten leben. Entdecke jetzt