"ආහ් මිශූ"
මට එක පාරටම බැලුනෙ වොනාල් දිහා..වොනාලුත් ඇස් ලොකු කරන් ඒ පැත්ත බලන් ඉන්නවා..ඇවිත් ඉන්නෙ වෙන කවුරුත් නෙමෙයි මිශුයි,නුවීර් අයියයි,මියුල් අයියයි,යෙවීයි..
"අ-අයියෙ ඔයා ගෞරිව අදුරනවද?"
මන් බලන් ඉද්දිම මිශූ වොනාල් ලගට ගිහින් ප්රශ්න කලේ සීඅයිඩී ගානට..වොනාල් නිකම් කට ඇරියොත් සුනාමියක් එයි වගේ ගොලුවත රකිනවා..
"අයියේ මන් ඔයාගෙන් අහන්නෙ?"
එක පාර උන දෙයක් නිසාද මන්ද මිශූත් ශොක් වෙලා වගේ වොනාල්ගෙන් අහනවා...ඒත් ඇයි එහෙම අහන්නෙ? වොනාල් නිහඩ පිලිවෙත් පුරන නිසා මන් ඒකට උත්තර දුන්නා..
"ඔවු මිශූ...වොනාල් මාව අදුරනවා"
"මොකක් ඒ කොහොමද? අනික-අනික ඇයි ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් කිව්වෙ නැත්තෙ ?"
මිශූ අඩන්න වගේ කට හද හද එහෙම ඇහුවා..
"චූටි නංගි..ඇයි ඔය කලබල වෙලා...මොකක් හරි හේතුවක් ඇතිනෙ ඉස්සෙල්ලම ඒක අහලා ඉන්නකෝ කලබල නොකර"
මියුල් අයියා හෙන පඩියා වගේ ඇවිත් මිශූට කිව්වා..මිශු ඒ ගමන් ආපු ආවෙගෙ අඩු කරන් ආයෙ කතා කරන්න ගත්තා..
"හරි ගෞරි..ඔයා එහෙනම් කියන්න මොකක්ද මේ වෙන්නෙ..ඔයාලා කොහොමද අදුරන්නෙ?"
"මේ මගේ යාලුවෙක් මිශූ..ඒත්-"
"ඒ මගේ අයියා!"
"මොකක්...?"
මට යෙවී දිහා බැලුනම ඌ නුවීර් අයියගේ එහා පැත්තට වෙලා ඉන්නෙ දැන් බිත්තරෙන් එලියට ආපු කුකුල් පැටියා වගේ...මූට මොකක් වෙලාද මේ..ඇරත් ඇයි මේ කටවහන්..වෙනදට නැත්තන් මෙතන දෙවනක් කරනවනෙ..
"හෝව් හෝව් හෝව්..පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න..ඒ කියන්නෙ ස්ලීපින් ඒන්ජල් දන ගෞරි සමානයි ෆාතිමා දන එක්ස්..ඒ කියන්නෙ ගෞරිට එක්ස් කැපිලා ගියාම ෆාතිමා සමානයි ගෞරි..එහෙම නේද?"
නුවීර් අයියා පිස්සෙක් වගේ කියවන් හැමෝගෙන ඇස් තිබුනෙ නුවීර් අයියා ගාව..මටනම් ඒ මොන මගුලක්වත් තේරුනේ නැ කියපු..ඒවා දන්නෙ ඉතින් ඌම තමයි..
YOU ARE READING
💗SPRING IS BACK💗(On going)
Fantasy"මගේ ඇතුලෙ හිටිය ආදරයම හොයන පුංචි ගෑනුලමයව මගේ අත්වලින්ම මරල දැම්මට පස්සෙ,මන් මේ ලොකේ වැඩිපුරම ආදරෙ කරපු මනුස්සයා දිහා කිසිම හැගීමක් නැතුව බලන් ඉද්දි, මොකුත් නොවුනා වගේ ලස්සන කලු දුඹුරු ඇස් හීනි කරල හිනා වෙලා මගේ ලගට ඇවිත් හදපතුලෙන්ම මට ආදරේ දීපු,මැ...
