🪄Chapter (07)

108 8 19
                                        

ජීවිතේ පොතක් විදියට ගත්තොත් හැමකෙනාටම තමන්ටම කියල පොතක් තියෙනවා...ඉතින් මගේ ජීවිත පොතේ අතීතය අතීතයක් විදියටම ලියල තියන්න මන් තීරණේ කලා...මග ඇරුනු හිස් තැන සම්පූර්ණ කරලා...දැන් ලියන පිටුව අනාගතේ කියවද්දි 'අනේ ඒ කාලෙ මෙහෙම කලේ නැත්තන්,මට මේක නොකර ඉන්න තිබුනා' වගේ දේවල් නොහිතෙන්න ගෙවන මොහොත ලස්සනට ලියන්න ඕන..ඒකට අපිට හම්බෙන හැම කෙනාට උදවු වෙනවා...මගෙ ජීවිතේ ඒ පොත ලස්සනට ලියන්න මට හම්බුන ලස්සන පාට පෑන් ටිකක් තමයි යෙවී,ආත්තම්මා,මිශූ වගේ අය..

ඉතින් අදත් ඒ වගේ දවසක්...ලස්සනට ලියන්න හිතන් ඉන්න..අතීතෙ උන දේවල් හිත හිත හිටියොත් යෙවී කිවුවා වගේ කිසිම් තේරුමක් නැ...ඉතින් මන් තීරණේ කලා මොන දේවල් උනත් හැමදේම දරාගෙන ඉස්සරහට යන්න මන් වෙනුවෙන්...මෙච්චර කාලයක් වෙන අය වෙනුවෙන් කලා කියල ආපිට මට ඉතුරු උනේ යෙවීයි ආත්තම්මයි විතරනේ...ඒ දෙන්න ගැන හිතල හරි අනාගතේ හදාගන්න මන් තීරනේ කලා...

අද උදෙත් එහෙමට කියල විශේෂ දෙයක් උනේ නැ...පුරුදු විදියට වැඩට ඇවිත් දැන් මිශූව හම්බෙන්න පුරුදු ශොප් එකට ආවා...ඒක හරිම ලස්සනට හදපු තැනක්...ශොප් එකක් කිවුවට ඒක හරිම ලස්සනට හදපු කැෆේ එකක්...නගරබද පරිසරේක කියල හිතන්න බැරි විදියට හරිම තාත්විකව හදල තියෙන්නෙ...ඒකෙ ඇතුලෙන් වගේම එලියෙනුත් ඉන්න පුලුවන් වෙන විදියට තමයි හදල තියෙන්නෙ...තැන් තැන් වල මේස තියලා ඒ වටේ පුටු තියලා නිදහසෙ ඉන්න පුලුවන් වෙන්න තියෙන නිසා නිදහසක් හම්බුනාම සමහර දවසට මෙතනට ඇවිත් ඉන්න මන් හරිම කැමතියි..ඒ විතරක් නෙමෙයි පොඩි ඉඩක උනත් හරිම ලස්සනට හදල තියෙන මල් පැල,එල්ලලා තියෙන බල්බ් දිහා දවසෙ එක එක වෙලාවක් වලදි බලන් ඉදියම ඒ හැමසැරේටම එකකට එකක් වෙනස් හිත නිවන සිතුවිලි එන විදියට තමයි ඒක හදල තියෙන්නෙ..

ඒ විතරක් නෙමෙයි පොඩි ඉඩක උනත් හරිම ලස්සනට හදල තියෙන මල් පැල,එල්ලලා තියෙන බල්බ් දිහා දවසෙ එක එක වෙලාවක් වලදි බලන් ඉදියම ඒ හැමසැරේටම එකකට එකක් වෙනස් හිත නිවන සිතුවිලි එන විදියට තමයි ඒක හදල තියෙන්නෙ

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
💗SPRING IS BACK💗(On going)Место, где живут истории. Откройте их для себя