🪄Chapter (05)

185 9 11
                                        

අම්මෝ අදනම් හරිම පුදුම දවසක්...හීනෙකින්වත් හිතපු නැති දේවල් උන..දවාලෙ මන් යද්දි අන්කල් ඇවිත් ඉදියෙ නැ වෙලාවට..ඒත් මිථ්‍යාගෙන්නම් අහගන්න උනා කන පිපිරෙන්නම..ඒකි මන් එන්න පරක්කු උන නිසා කෑම කාල තිබුනා මන් යද්දි..ඉතින් මන් ගිහින් ගත්ත කෑම එකත් කාලා ඕඩර් ටිකක් පැක් කලා...අද වැස්ස ටිකක් තිබුන නිසා කස්ටමර්ස්ලත් වැඩිය ආවෙ නැ..හවස් වරුවම දෙතුන් දෙනයි ආවෙ..

අද ටිකක් හරි අමුතුයි..නොහිතපු වෙලාවක විහග අයියව නොහිතපු විදියට හම්බුන නිසා මට මාර අවුල්..චූටි අයියව හම්බුන දවසෙ ඉදල මේ වෙනකම් හැමදේම චිත්ත රූප මැවි මැවි තමයි හවසම හිටියේ..මොකද මුලින්ම චූටි අයියා මාව බලන්න ආවෙ ඔය විහග කියන එකා එක්ක..ඉතින් මතක් වෙන එක පුදුමයක්ය..චූටි අයියා ලගින්ම ඉදපු යාලුවෙක් තමයි ඔය විහග කියන්නෙ..මාව දැකපු ගමන් විහග අයියා ගැස්සිලා ගියා වගේ මන් දැක්ක විදිය හරිනම්..ඇරත් මගේ ඇස් දිහා කෙලින් බලන් නෙමෙයිත් එක්කන් කතා කලේ...සමහරවිට එතන උන දේ මන් දැක්ක නිසා වෙන්නැති..ඒත් විහග ඒ වගේ ඩයල් එකක් කියලා මන්නම් හිතුවෙ නැ..කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යන එක වැරැද්දක් නෙමෙයි.ඒත් ඒකි එච්චර එපා කියද්දි කරදර කරපු එක මන් නම් කියන්නෙ වැරදියි...මොකද ආදරේ කියන්නෙ එහෙම බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි නිසා..ආදරේ ඇතිවෙන්න ඕන ආත්මයෙන්මයි..ඒක බල කරල ගන්න පුලුවන් දෙයක් නෙමෙයි..

කොහොමහරි හවස මගෙ ඔලුව පැලෙන්න වගේ රිදෙන්න ගත්ත නිසා හවස පැන්ඩෝල් දෙකකුත් බීලා ඔලුව ටිකක් තියන් හිටියා..ඒ ගමන් ටිකක් නින්ද ගිහින් ඇහැරුනේ යෙවී කෝල් කරද්දි..යෙවීත් ඔෆ් වෙලා ඇවිත් මන් නැති නිසා කෝල් අරන්..ඒ ගමන් මන් වොශ් රූම් එකට ගිහින් මූනත් ටිකක් සෝදගෙන ගෙදර යන්න ආවා...

දැන් මේ අද උන ටික යෙවිත් එක්ක කියවන ගමන් යන්නෙ...ඌනම් මොකාද එකා වගේ මට ගස්සගෙන පුප්පගෙන යන්නෙ කොහෙවත් ඉන්න කෙල්ලෙක් ලොකු කරන් කියලා...ඌට කෙල්ලො ඇලජි උනා කියලා මන් මොනා කරන්නද..

"යමන් ටිකක් ඉක්මන් කරලා...ඔහොම ගියොත්නම් ඊලග බස් එකේ තමයි යන්න වෙන්නෙ.."

💗SPRING IS BACK💗(On going)Where stories live. Discover now