🪄Chapter (11)

147 5 25
                                        

"අනේ මන්ද සෙනූ නංගි..ඒත් මටනම් තේරෙන්නෙ නැ ඒකි ගැන.."
"නැ නැ තාම ආවෙ නැ"
"ඒ උනාට පවු කියලත් හිතෙනවා"
"නැ නැ එහෙම නෙමෙයි"
"ඔවු ඒකත් එහෙම තමයි..එහෙම වෙන්නම උනානෙ රැස් බහින්න"

මන් යද්දි මිථ්‍යා හිටියෙ කෝල් එහෙක..මට ලාවට වගේ ඇහුනා ඒ කතා බහ..මට අමුතු දෙයක් දැනෙන්න අරන් තිබුනෙ ලගකදි ඉදලා මොකද මිථ්‍යා මන් ගැන වෙනදට වඩා සෑහෙන්න අවදානෙන් ඉන්නෙ...මට ඒක නොදැනුනාව නෙමෙයි..අනික එදා හවස මායි වොනාලුයි බීච් එකේ ඉන්නවා දැක්කා කියලා පහුවදා උදේ මාත් එක්ක කිව්වා..ඒක කිව්වෙත් අමුතු විදියට මොනා හරි දෙයක් හිතේ හිතාගෙන වගේ.. මන් ශොප් එකට එනවා මිථ්‍යා දැක්කෙ නෑ...ඇතුලට යද්දි අංකලුත් ඇවිත් හිටියා උදෙන්ම..

"ගුඩ් මෝනින් අංකල්..අද උදෙන්ම ඇවිත් වගේ.."

"ආ..ගුඩ් මෝනින් දුවේ...හැමදාම ගෙදරට වෙලා ඉදලා කම්මැලියි දුවේ..අනික නිකම් ගෙදරට වෙලා ඉන්නවට වඩා ඒ වෙලාවෙ ශොප් එකට වෙලා ඉන්න එක හොදයි කියලා හිතුනා.."

"ඒක හොදයි.මන් යන්නම් අංකල්..අද ගොඩක් ඕඩර්ස් තියේ පැක් කරන්න"

මන් අංකල් එක්ක කතා කරන සද්දෙට මිථ්‍යා මන් දිහා හැරිලා බැලුවා..ඊටපස්සෙ ආයෙත් පෝන් එකෙන් මොනා හරි කතා කලා..

"මන් පස්සෙ ගන්නම් නංගි..ගුඩ් මෝනින් ගෞරි..ඔයා ආවද?"

ආපු නිසානෙ බන් මේ ඉන්නෙ..අහන්න දෙයක් නැත්තන් මෝඩ ප්‍රශ්න අහන්නැතුව කටවහන් ඉදපන්කො..ඒත් ඇයි මේකි මන් එන හැමවෙලේම කෝල් වල හිටියොත් පස්සෙ ගන්නම් කියලා කට් කරන්නෙ..දැන් දවස් ගානක් එහෙම උනා..අනික නංගි නංගි කිය කිය කතා කරන්නෙත්..මට ඒක ඕනවට වඩා හිසරදයක් වෙලා තිබුනෙ.මන් එද්දි මට ඇහිල තියෙනවා "ඒකි තාම ආවෙ නැ" වගේ එවා කියනවා..ඒත් මන් ඕනවට වඩා හිතනව ද කොහෙද හැමදේකම ඇදයක් පේන්නෙ...මොකුත් ඒ ගැන කියන්න,අහන්න තරම් දෙයක් මන් දන්නැති නිසා කටවහගෙන හිටියා..

"ගුඩ් මෝනින්"

"අද වෙලාසනින් මොකෝ??"

ඈ මොකක්..වෙලාසනින් කොහෙද වෙනදා එන වෙලාවටමනෙ මන් ආවෙ..මේකි ඒක ඇහුවෙත් අන්කල් දිහා බලලා ටිකක් සද්දෙන් වගේ..අනේ මන්ද මිථ්‍යට මොකක්ද වෙන්න ඕනි කියලා..මටනම් එක එක එවා හිතෙනවා ඒත් හදිස්සි වෙලා මොකුත් හිතාගන්න බැරි නිසා ටික කාලයක් වෙන්නෙ මොනවද කියලා හෙමීට ටච් එකේ ඉන්න ඕන..

💗SPRING IS BACK💗(On going)Where stories live. Discover now