🪄Chapter (02)

199 11 11
                                        

Gauri's pov;

කොහොමද මට ඒ ටික අමතක උනේ...අනික චූටි අයියා ඇයි එහෙම දෙයක් කිවුවෙ..." මැනික හැමදේම මන් නිසා...මැට සමාවෙන්න ..." ඇයි එයා එහෙම දෙයක් කිවුවෙ..මන් නොදන්න මොනා හරි දෙයක් තියෙනව කියලම ඇයි මට හිතෙන්නෙ..

"ගෞරි"

නැත්තන් මොකටද චූටි අයිය එහෙම දෙයක් කි-

"ගෞරි!"

ආර්හ් කෑවානෙ මගේ මනෝ පාර..නිදහසේ කිසිම දෙයක් හිතන්නත් නැ ඒ දේ වැදගත් උනත් නැති උනත්. ඉතින් ඒ කතා කලේ වෙන කවුරුත් නෙමෙයි කෙල්ලෙක්ට කියල මන් ආශ්‍රය කරන එකම එකී..මිථ්‍යා සදෙව්ණි. මන් ගියේ **** girl school එකට.අනාථ නිවාසෙක හැදුනත් ශිෂ්‍යත්වෙන් හොදට පාස් උන නිසා ලේසියෙන්ම මට බාලිකාවට යන්න පුලුවන් උනා.ඉතින් මිථ්‍යා ආවෙත් 6දිම වෙද්දි අපි හොද යාලුවෝ උනා.ඒ උනත් මිථ්‍යා ටිකක් අමුතු චරිතයක්.මන් කියන්නෙ එහෙම නරක කෙනෙක් කියල නෙමෙයි එක පාරටම මිනිස්සු මනින්න බැනෙ.කොහොම උනත් මට ගැල්ලමයිගෙන් යාලුවෙක්ට කියල හිටියෙ ඒකි විතරයි..මන් ඒව වැඩිය හිතන්න ගියෙ නැ..යෙවීවනම් මට හම්බුනේ ටියුෂන් වලින් තමා..යෙවී උනත් ඇහැට කනට පේන්න ඉන්න කොල්ල නිසා ඌට කෙල්ලොන්ගෙන් බේරුමක් තිබුනෙ නැ..යෙවීවයි මාවයි හම්බුනේ නම් සයන්ස් ක්ලාස් එකේදි..6දිම තමා..ඒක තිබුනෙ අනිත් රෝඩ් එකේ.ඉතින් යෙවීත් ආවා ඒකට. එහෙදි හැම කෙල්ලෙක්ගෙම වගේ අවදානෙ යෙවීට ගියත් මගෙ අවදානෙනම් ගියේ නැ..ඒ නිසාමද කොහෙද ඌ මාත් එක්ක ෆිට් උනේ..ඉතින් ඒ යෙවීගෙ ඌමනාවට අපි දෙන්න කපල් එකක් වගේ හිටිය. මාත් ඉතින් නොකිවුවට ලස්සනයි ඉතින් ටිකක් කට වැඩියෙන් තිබුනට..ඉතින් ඒකෙන් දෙන්නටම ලේසි නිසා අපි රගපෑම දිගටම කරන් ගියා..චූටි අයියනම් ඉතින් දන්නව සීන් එක..යෙවී තමා අපිට තෝල්කකම් කලේ මට බැන බැන ඔව්ව පටලන් විභාගෙ අනාගන්න එපා කියල..ආහ් මේ මොනාද මන් හිතන්නෙ මේව නෙමෙයි මන් කියන්න ගියේ යෙවී වැඩිය කැමැත්තක් ඒ කාලෙ ඉදන්ම තිබුබෙ නැ මන් මිථ්‍යා එක්ක ඉන්නවට එහෙමයි කියල මන් උගෙ ස්කෝලෙට ගිහින් ඉන්නය ඒක බෝයි ස්කූල් එකක්නෙ

💗SPRING IS BACK💗(On going)Where stories live. Discover now