100- පළිඟු දිඟහැරුම ♡

1.4K 164 518
                                    

(හිතෙන හැමදෙයක්ම කමෙන්ට් කරන් යන්න මම ආසයි ඒවා කියවලා ඔයාලගේ අදහස් දැන ගන්න )

පැය කිහිපයකට පෙර

"නෙහාන් අයඩෙක්ස් එකක් තියේනම් ගෙනෙන් "

"මොකෝ මැඩම් "

"බෙල්ල කැක්කුමයි බන් ඇරත් හෙටනම් නිවාඩුවක් දාලා හරි ගෙදර ඉන්නවා "

"මටත් නිවාඩුවක් ලියන්න සුදාක්කේ "

නෙහාන් රෙහානාගේ අතකුත් අල්ලන් තරගෙට ඇහිපිල්ලම් ගැහුවේ රෙහානා මේ මොන මගුලක්ද වගේ බැල්මකින් කටත් ඇද කරගෙන නෙහාන් දිහා බලද්දි

"අත ගනිං කටේ හැටි ඊයා යකෝ "

"යැයි යැයි ලියන්න අනේ ඕන් ඔය කොලේ මටත් එක්ක අපිටත් මහන්සී තමා "

"ඔව් ඔව් නිකන් ඉදං කකා බිබී වෙන්නැති තොට මහන්සි "

"අනේ මේ "

නෙහාන් කටත් ඇද කරලා දොරත් ඇරන් එලියට ගියේ රෙහානා හිනා වෙවීම ලොග් පොතක් චෙක් කරන්න පටන් ගනිද්දි

"එක්ස්කියුස් මී මැඩම් .... !! "

අවසරයක් නැතිවම රූම් එකට කඩාගෙන ආපු සාජන් දිහාවට නොපහන් බැල්මක් දාපු රෙහානා ලොග් පොත වහලා පැත්තකට කරේ ඇයි කියලා අහන ගමන්

"ඇයි ?"

"මැඩම් මිරිහානේදි ඇක්සිඩන්ට් එකක් වෙලා .... "

"ඉතින් මට් ..... අර්හ්හ්හ් ශිට් ... දැන් මරදාන මදිවට අර නාකියා රිටයර් උන නිසා මිරිහානත් බලපන්කෝ පුදුම කරුමයක් තමයි මේක .... කියන්න සාජන් මොකෝ තත්වේ "

"වැඩේ සීරියස් මැඩම් කාර් ඇක්සිඩන්ට් එකක් ප්‍රෙග්නට් ලේඩි කෙනෙකුත් ඉදලා "

"අහ් එහෙමද මම යන්නම් එතනට "

Bruzz bruzz

"ඒ පාර මොකාද ?"

"ඩොක්ටර් සමරදිවාකර ... මොකටද මේ වෙලේ ?"

ෆෝන් එක අතට ගත්ත රෙහානා ෆැමිලි ඩොක්ටර් වෙච්ච සමරදිවාකරගෙන් හදීසියේ ලැබුන කෝල් එක ආන්සර් කරේ පුටුවෙන් නැගිටින ගමන්

"හෙලෝ ඩොක්ටර් සමරදිවාකර "

"දුව ... කලබල වෙන්න එපා .... "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now