99- පළිඟු දිඟහැරුම ♡

794 112 382
                                    

"යකෝ ඕක එල්ලන්න මතක් උනේ දැන්ද ?"

අම්මපා මම හිටියේ යක්ශයා ආරූඪ වෙලා .... ඇයි අනේ හයට කොන්සට් එක පටන් ගන්නවා දැන් හවස හතර වෙලත් මුන් ඩෙකරේශන්ස් අල්ලන් නටනවා .

සසිතගේ බැච් එකේ කාලකන්නි ටික ගන්නම දෙයක් නෑ එතන වැඩ කරන්න එකෙක් නෑ ඔක්කොම කොනක් අල්ලන් සිගරට් අදින්න විතරයි දන්නේ.... දැන් උනත් මේ මුලු හෝල් එකේම ඩෙකරේශන් කරන්නේ නෆ්‍රාස්ගේ කලු පොරවගත්ත කොල්ලෝ වගයක් එක්ක සහනයි සුපුනයි ...

මගේ ඔලුව කම්මල වගේ මම උදේ ගහන් ආපු ශෝට පිටින් තාම .. දැන් තමා තේරෙන්නේ ආරුව බලෙන්ම ගෙදර යවපු එක හොඳයි කියලා ... නැත්තං එයාට ලෑස්ති වෙන්න වෙන්නෑ ..

"යුගීශයා අර නංගිලා බඩගින්නේ බන් මේ අපිට එවපු ටික වත් යවපන් පව් "

මම අපිට එවලා තිබ්බ කෑම වගයක් කෙල්ලො ටිකට යැව්වේ උන් ඇත්තටම පව් නිසා .... බොරු කියන්න ඕන්නෑ ටශ්මිගේ ටීම් එක මාර ඇක්ටිව් උන් ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා හෝල් එකේ වැඩවලටත් උදව් වෙලා අපිටත් උදව් වෙලා යන්නේ ... පුහු ආටෝපයක් නැති කෙල්ලෝ වගයක් කියලා විහගයා කිව්වා ඌ යාලු වෙලා ඉන්නෙත් ඒ ටීම් එකේම කෙල්ලෙක් එක්ක නිසාද මන්දා ඒ නම්... හැබැයි ඇත්තටම කෙල්ලෝ ටික හොඳයි

"හෙලෝ ජොඑලා වැඩේ ඕකෙනේ "

"......."

"මතක ඇතුව ඉස්කෝලේ ටයි එක දාගෙන වරෙන් උබ මෙතන ඉන්න ලාබාලතම ආරාධිත අමුත්තා මචෝ ඈහ් "

"......."

"හිනා නෙමේ පගෝ අපේ මිනිහා මොනවා කරන්ද දන්නෑ මම මිනාගි අක්කටත් කෝල් කරා පොඩ්ඩක් බලන්න කියලා මූ එහේ ගිහින් නෑ "

"......."

"හරි බන් එළ "

ජොඑලා ගත්තොත් ඌ තමා ආරාධිත අමුත්තෝ ලිස්ට් එකේ අන්තිමයා ඒ වගේම වැදගත්ම එකා ... කෙටි කාලයකින් සාර්ථකත්වය ලගා කර ගත්ත හිච්චි මිලියනපති මාධ්‍යවේදියා .... මට ඌ ගැන සතුටුයි ... ඌ උගේ පාත් එක දැනටම හදාගෙන ඉවරයි

"රොනා මචං උබ පලයං මෙතන වැඩ අඩුයි නේ මමයි මිලානුයි බලන්නම් "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿDove le storie prendono vita. Scoprilo ora