• Innocent Beast •

79 10 6
                                    

පාසල් වත්තෙ අයිනක පෝලිමට තිබුනු උස සකුරා ගස් යට පෝලිමට බංකු තියලා තිබුනෙ ඒවා උඩට පරවුනු මල් පෙති කඩන් වැටෙද්දි.

ජන්ගුක් නිදහසෙ ඉන්න පුරුදු කෙනෙක්. සකුරා ගස් යට බංකුවල ඉදගෙන එයා පොතක් කියවන ගමන් එයාගෙම ලෝකයක තනි වුනා. පාසල් නිල ඇදුම වුන සුදු අත්කොට ශර්ට් එකට උඩින් එයා Convers ජැකට් එකක් ඇදගෙන හිටියෙ.

පොතෙ පිටු අතර ගිලිලා හිටිය ජන්ගුක් නිකමටවත් එයා ඉදිරියේ ඉන්න කෙනාව දැක්කෙ නැ. එකපාරම එයාගෙ පොත මැද්දෙන් ඇල්ලුව අතක් ඒක ඇදලා ගනිද්දි ජන්ගුක් එයාගෙ වැටෙන්න ගිය කණ්ණාඩිය හදාගත්තා.

" හායි ඉඩියට්! අදත් මේක කියවනවද?  "

ජන්ගුක් කියව කියව හිටිය පිටුව දිහා බලලා ජිමින් කිව්වෙ ව්‍යාජ හිනාවකින්. පාසල් ඇදුම උඩින් සුදු ස්වේටර් එකක් ඇදල හිටිය ජිමින් ඊලගට එයාගෙ නිල් ඇස් ජන්ගුක්ගෙ කෝපි පාට ඇස් එක්ක පැටලෙව්වා.

පාසලෙ ලස්සනම කොල්ලා වුන පාක් ජිමින් දවසක එක යෝජනාවක් හරි ලබන්නෙ ඒ හැම එකකටම ' බැ ' කියලා.

" ඒක දෙන්න.."

ජන්ගුක් හිමින් කිව්වා. කවුරුත් නැති හැම තැනකදිම ජිමින් ජන්ගුක්ට ලං වෙන එක එයාට අලුත් දෙයක් නෙවෙයි. ජිමින් එයාට කරදර කරන්නෙ නැ හැබැයි එයාට පෞද්ගලිකව එයා කරදරයක් වුනා.

එයා ජන්ගුක් එක්ක රණ්ඩු වෙන්න ආස නැ. ඒත් එයාට ජන්ගුක් එක්ක තියෙන එකම කනෙක්ශන් එක ඒක විතරයි.

" මොකක්ද? "

ජන්ගුක් කියපු දේ හොදින්ම ඇහුනත් ජිමින් කිව්වෙ ව්‍යාජ හිනාවකින්. සමහරවිට අද උදෙ ජන්ගුක් වෙන පාසලක ගැහැනු ලමෙක් එක්ක හිනා වෙවි කතා කර කර ඉන්නවා එයා දැක්ක නිසා වෙන්න පුලුවන්.

" මට පොත දෙන්න..ජිමින්! "

ජන්ගුක් ටිකක් තදින් කිව්වෙ එයාගෙ කණ්ණාඩිය යටින් ජිමින් දිහා බලන ගමන්. ජන්ගුක් දිහා තියුනු විදිහට බැලුව ජිමින් එයාගෙ ඇහිබැමි යා කරගත්තා.

" පොත? මොකද කෙල්ලෙක් වගෙ පොත් බදාගෙන ඉන්නෙ ආ!? "

නුරුස්සන ගතියකින් ජිමින් කියද්දි ජන්ගුක්ගෙ තොල් අතටින් පුංචි හිනාවක් පැන්නෙ ජිමින් එයා දිහා බලන් ඉද්දි.

You've reached the end of published parts.

⏰ Last updated: May 16 ⏰

Add this story to your Library to get notified about new parts!

Champagne Confetti  | JIKOOK SMUT BOOK 💋Where stories live. Discover now