හැට දෙවෙනි හිමිවීම 💙

1K 165 51
                                    

"හෙලෝ....."

"...................."

"සූකිරි......"

රෑ මැදියමේ සනුත්ගේ අංකයෙන් ඇමතුමක් එනකොට මහිත් හිටියේ නින්දත් නොනිදත් අතර දෝලනය වෙවී..... යන්තම් නින්ද යාගෙන එනකොට දෙකන්සෙන් දාඩිය වැක්කෙරෙන්න පටන් ගද්දි කොහේ නින්ද යන්නද......

විදුලි පංකාවේ උපරිමය ක්‍රියාත්මක කරලා තිබුණත් වමට වට බාගයක් කැරකිලා දකුණට ගිහින් එන තප්පර දහයට ආයෙමත් දාඩියෙන් නෑවිලා ඉවරයි......  අවසානයේදී බැරිම තැන ජනේල් පියන විවර කරලා දාපු මහිත් තරමක සීතලක් බැඳුණු සුළං පාරවල් වලට කාමරය ඇතුලට එන්න ඉඩ හැරියා......

"සුදු මැණික..... ඇයි මේ.... මහ රෑ....."

"................."

ඇමතුම ආවේ සනුත්ගේ අන්තයෙන් වුණත් තවමත් සනුත් නිහඬවම ආශ්වාසයන් හිර කරගන්න හඬ දුරකථනය දිගේ ඇවිත් මහිත්ගේ හිත පෑරුවා........

"මගේ සූකිරි..... සුදු අයියාත් එක්ක කතා කරන්න කැමති නැද්ද තවම......."

"...................."

"හ්ම්ම්ම්...... මං චුට්ටක් කතා කරන්නම් මගේ මැණික අහගෙන ඉන්නවද?"

"........................."

"හ්ම්ම්ම්...... මං තව දුරටත් සමාව ඉල්ලලා සමාව කියන වචනෙටත් ලැජ්ජා කරන්නේ නෑ  සුදු මැණික..... කොයිතරම් දේවල් කිව්වත් මම කරපු එක දෙයක්වත් කාලය හරහා  ආපස්සට ගිහින් ආයේ නිවැරදි කරන්න පුළුවන් කමක් නෑ......

ඒ හින්දා මං ආයේ කවදාවත්ම සමාවක් ඉල්ලන්නේ නෑ..... නෙවෙයි..... මගේ සූකිරිගෙන් සමාව ඉල්ලන්න සිද්ධ වෙන විදියේ කිසිම දෙයක් කරන්නේ නෑ...... ඒ ගැන මං මටම පොරොන්දුව වෙලා තියෙන්නේ......

ඒ වෙනුවට මම අංශු මාත්‍රයකවත් හිස් තැනක් තියා පරමාණුවකවටවත් රිංග ගන්න බැරි වෙන්න......මං උඹට ආදරේ කරනවා මැණික......

මට ඕන එකම එක චාන්ස් එකක් විතරමයි..... එකම එක පාරක් මට අවස්ථාවක් දෙන්න......

මහවැලි ගඟ පිටාරේ ගලනවටත් වඩා වැඩිය ආදරයක් මගේ පපුවේ උතුරනවා සූකිරි.....

හිමි අහිමි 💙 Completed ✔Onde histórias criam vida. Descubra agora