Last chapter .

131 11 33
                                    

A year later....

එදා ටේගෙ ඉල්ලීමට ආපහු ජීවත් වෙන්න තීරණය කරපු කුකී අද වෙනකොට අවුරුද්දක් වයස පොඩි කොල්ලෙක්ගෙ ඔම්මා කෙනෙක්.කාලය හරි ඉක්මනට ගෙවිලා ගියේ ටේගේ වගේම අනිත් අයගේ ආදරය පරිස්සම මැද කුකී එයාගෙයි ටේගෙයි පුංචි පුතා ටේජන් ට ආදරනීය මවක් වෙන ගමන් ටේට හොද හස්බන් කෙනෙකුත් වෙලා.කුකී දැන් ගොඩක් දුරට පරිනත වෙලා .ටේ හරි ආදරෙන් තමන්ගෙ දරුවෝ දෙන්නවම බලා ගත්තා.මේ කාලය ඇතුලත ගොඩක් දේවල් වෙනස් වුනා.නම්ජින් දෙන්නා මැරි කලා.ඇයි යුන්මින් දෙන්නා මැරි කරලා ඒ දෙන්නට දැන් පොඩි දගමලු දෙකක්ම ඉන්නවා.කාලෙකට පස්සෙ අද හැමෝම ටේගෙ මැන්ශන් එකට ආවේ ටේජන්ගෙ බර්ත් ඩේ එකට .උදේ ඉදන්ම කට්ටිය එකතු වෙලා ගෙදර සරසනවා.ඒ අතර ජිමින්,බෝගම්,ජේයුන් එකතුවෙලා ටේජන්වයි යුන්ජිවයි යුන්මින්වයි එක එක විදිහට තියලා ෆොටෝස් ගන්නවා.හැබැයි ඒක හිතන තරම් නම් ලේසි නෑ.පොඩ්ඩො තුන් දෙනා එකතු උනාම එතන තනිකරම තුන්වෙනි ලෝක යුද්දෙ වගේ.ජිමින්ගෙයි බෝගම්ගෙයි හොද පන ගිහින් තියෙන්නෙ.ඒ දෙන්නගෙ විතරක් නෙවෙයි කැමරාව බෙල්ලෙ එල්ලගෙන ඉන්න ජේයුන්ටත් දැන් හති .

හියුන් මොනාද අප්පා මට නම් තවත් බෑ අප්පා.මුන් නම් යක්ස පැටව් අප්පා.යුන්ජි මෙහෙට එන්නකො පැටියෝ.බලන්නකො හියුන් මේ යොන්ටැන් හොදයි ඔක්කොටම වඩා.

මටත් දැන් නම් හති බෝගම් මුන් නම් මගේ ලමයි වෙන්න බෑ අප්පා.මන් පොඩි කාලෙවත් මෙච්චර විසයක් තිබ්බෙ නෑ.ආර්ර්ර්‍ග් යුන්ජි ඔය කොන්ඩ පටිය අදින්න එපා හරි ගලව ගත්තා නේද .මෙහෙට එන්න .

හයියෝ සාමිනී හියුන්,බබා මේ දැන් ඇති නේ මට නම් තව බෑ අප්පා

තව පහක් විතර ගමුකො ජේයුන් .කෝ තුන් දෙනාම මෙහෙට එන්න තව ෆොටෝ පහයි.

තිමී මම මමා ඕනෙනෙ.

අනී පපා මත බෑ අයියූ මට දෝ මතයි.

උයා අපිට අයිස්කීම් දෙනවා කිව්වට දුන්නෙත් නෑ තා එකයි කිය කිය බොලු කීනවනෙ.

ඒ චෝදනා එල්ල උනේ අයියා නගෝ දෙන්නගෙන්.ඔව් ඔව් ජිමින් මේ තුන් කට්ටුව මෙච්චර වෙලා ආම්බාන් කලේ අයිස්ක්‍රීම් එකක් දෙනවා කියලා පොරොන්දු දීලා.අයිස්ක්‍රීම් එකට වැඩේට කැමති උනාට මොකෝ දැන් පොඩ්ඩො තුන් දෙනාට අයිස්ක්‍රීමුත් එපා කියලා දැන් මෙතනින් දුවන්නයි ඕනෙ වෙලා තියෙන්නෙ.යොන්ටැන් නම් පැත්තකට වෙලා ඉදගෙන ටේජන් ඉන්න පැත්ත බලාගෙන ඉන්නවා.කොල්ලගෙ බොඩිගාඩ් තමයි යොන්ටැන් කොල්ලටත් ඉතින් යොන්ටැන් කිව්වොත් ඊට වඩා දෙයක් නෑ.

Mine Baby (Completed )Where stories live. Discover now