chapter 08

104 12 76
                                    

ටේ යුන්ගි එක්ක පහලට ආවට පස්සෙ කට්ටියම කෑම කාලා ඉවර උනාට පස්සෙ.ටේ කුකීට කතා කලා.

කූ ඔයා කැමති නම් මගෙ ලයිබ්‍රි එකට යන්න.

ටේ එහෙම කියනවත් එක්ක කුකීගෙ ඇස් සතුටින් දිලිසුනා.ඒත් මේක අහපු ජිමින් ගෙ වගේම අජුම්මාගෙත් ඇස් පුදුමෙන් ලොකු උනා මොකද ටේගෙ ලයිබ්‍රි එකට මීට කලින් එයා ඇරෙන්න කවුරුත් ගිහින් නෑ ඒකට හේතුව ටේ එයාගෙ පොත් වලට පනටත් වඩා ආදරේ එක වගේම පිලිවෙලට ඒව තියන් ඉන්න කෙනෙක් ඉතින් වෙන කෙනෙක් ගිහින් ඒකෙ පොත් අවුස්සලා දැම්මොත් කියලා ටේ ඒක තහනම් කලාපයක් කලා.ඒත් තමන් වගේම කුකීත් පොත් වලට ආදරේ කරන කෙනෙක් කියලා ටේට තේරුනා ඒ නිසයි එයා කුකීට යන්න කිව්වේ.යුන්ගි නම් කුකීගෙ හිනාව දිහා ආසාවෙන් බලන් හිටියා.

තැනක් යූ ටේ ටේ.

ටේට ස්තූති කරපු කොල්ලා උඩ පැන පැන ලයිබ්‍රි එකට දුවන දිහා මෙයාලා හිනා වෙවී බලන් හිටියා.ඊට පස්සෙ යුන්මින් දෙන්න දිහාට හැරුන ටේ සීරියස් මූඩ් එහෙකට ආවා.

හියුන් අපි ගාර්ඩ්න් එකට යමුද.මන් දන්නවා ඔය දෙන්නා මගේ කතාව අහන්න බලාගෙන ඉන්නෙ කියලා.

ටේ කියද්දි යුන්මින් දෙන්නා ඔලුව වනලා ඒක අනුමත කලා.ඊට පස්සෙ තුන් දෙනත් එක්ක ගර්ඩ්න් එකේ තියෙන රවුන් ටේබල් එක වටේට ඉදගත්තා.ඊට පස්සෙ ටේ සෝහව හම්බුන තැන ඉදන් ජන්ග්කුක්ව මැරි කරපු තැනට වෙනකන් වෙච්ච දේවල් ටික කිව්වා.සෝහ එක්ක ටේට තිබ්බ සම්බන්දෙ ගැන ජිමින් මීට කලින් කිහිප වතාවක් යුන්ගි එක්ක කතා කරලා තිබ්බා.ඒක නිසා යුන්ගිට තේරුම් ගන්න පුළුවන් උනා ටේගෙයි සෝහගෙයි අතර තියෙන ආදරේ.ඒත් දැන් එයාට එයාගෙ මල්ලි ගැනත් හිතන්න වෙනවා.මොකද මොන දේ කොහොම උනත් යුන්ගි මුල් තැන දුන්නෙ තමන්ගෙ මල්ලිට.මොකද සමහර වෙලාවට යුන්ගි ජිමින්ටත් වඩා කුකීට ආදරෙයි. ජිමිනුත් ඒ බව දැනගෙන හිටියා.හැබැයි එයා කවදාවත් යුන්ගි එක්ක ඒකට තරහ වෙලා රණ්ඩු කරේවත් කුකීට වෛර කෙලේවත් නෑ.ටේ කතාව මෙච්චර වෙලා සාවදානව අහන් හිටපු යුන්ගි බර හුස්මක් පහල දාලා කතා කලා.

හ්ම්ම්.මට ඔයාගෙ තත්ත්වෙ තේරුම් ගන්න පුළුවන් ටේ.එක අතකට බැලුවාම ඔයත් අසරණයි .ඒත් හැබැයි එහෙමයි කියලා මගෙ කුකීට මේ ප්‍රශ්නෙදි අසාධාරණයක් වෙනවට මන් කැමති නෑ.දැන් ඔයා කියන විදිහට ඔයා මාස හයකින් කුකීව ඩිවෝස් කරනවනෙ.

Mine Baby (Completed )حيث تعيش القصص. اكتشف الآن