chapter 11

306 30 91
                                    

ඒත් එතනට ලන්වෙද්දිම ඇහුන කටහඩ නිසා ටේ එතනම නැවතුනා....නැවතුනා නෙවෙයි ඇත්තටම එයාගෙ කකුල් ඉබේම ලොක් උනා.මීට කලින් කවදාවත් ඒ තරම් ලස්සන කටහඩක් තමන්ට ඇහිලා නැතුව ඇති කියලා ටේට හිතුනා.තමන්ගෙ කන් වලට දැන් මේ ඇහෙන හඩ ඇත්තටම ඔහුට අදහගන්න බැරි උනා.ඒත් තාමත් අහස දිහා බලන් හිමින් සිංදුව කියන කුකී නම් තමන්ගෙ පිටිපස්සෙන් මායවකට අහු උන කෙනෙක් වගේ එයාගෙ සින්දුව රස විදින ටේව දැක්කේ නෑ. දැන් ටිකකට කලින් ටේගෙන් ඇහුන වචන දෙක තුන නිසා ඇස් වලට ආපු කදුලු හන්ගන් කාමරේට ආපු කුකී ඇදෙන් ඉදගත්තත් එයාගෙ ඇස් වලින් මෙච්චර වෙලා අමාරුවෙන් හිරකරන් හිටපු අකීකරු කදුලු වැල් දෙකක් දැනටමත් සීරුවට පල්ලම් බහිනවා.ටේ කුකීට කතා කරේ පොඩ්ඩක්වත් තරහෙන් නෙවෙයි ඒත් ටිකක් තදින් එයා කතා කලා.මෙච්චර දවස් ටේ එක්ක හිටපු කුකීට උනත් ඒක තේරුම් ගන්න පුළුවන් උනා.ඒත් කුකීට ඒකට දුක හිතුනෙ ඇයි කියන්න එයාටම හිතාගන්න බැහැ.සමහර විට ඒ දැන් ටේ කියන්නේ තමන්ට ලගින් ඉන්න එකම කෙනා තමන්ට දරුවෙක්ට වගේ ආදරේ කරන පලවෙනි කෙනා නිසා වෙන්න ඇති.ටිකක් වෙලා ඔහේ පැත්තක් බලන් නිදහසේ කදුලු වලට පල්ලම් බහින්න දීපු කුකී බාතෲම් එකට ගිහින් මූන හෝදගෙන ඇවිත් ගියේ බැල්කනි එකට .යන්තන් අදුර වැටිලා තිබ්බ පරිසරය එක්ක වටපිටාවේ වව්ලන් කීපදෙනෙක් ගෙ හඩත් තමන්ගෙ කූඩු වලට පියාබන කුරුල්ලන් කීපදෙනෙක් ගෙ හඩත් ඇරුනු කොට ඒ වටපිටාව හරිම නිශ්ශබ්දයි. ඒ අතර සීතල හුලගක් ජන්ග්කුක්ගෙ ඇගේ වැදීගෙන ගියේ හරියට එයාගෙ දුක අරගෙන එයාට සන්සුන් වෙන්න කියන්න වෙගේ.එතනට වෙලා ටික වෙලාවක් අහස දිහා බලන් හිටිය කුකී අහසේ හද ලගින්ම පායලා තිබ්බ දීප්තිමත් තරුවකට කතා කලා.කුකීට අනුව ඒ ඉන්නේ එයාගෙ ඔම්මා. තමන් එතන කොච්චර වෙලා හිටියද කියන්න එයාට අවබෝධයක් තිබ්බෙ නෑ.ඉතින් හිතේ හැටියට තමන්ගෙ ඔම්මා එක්ක කියවපු කුකී හැමදාම වගේ හිතට දැනෙන දුක සතුට වෙන්කරලා අදුර ගන්න බැරි හැගීම මගහැරව ගන්න එයා ආසම සින්දුවක් මුමුනන්න ගත්තා.ඒ අතරේ තමන්ගෙ කාමරේට ආපු ටේගෙ සද්දෙවත් ඇහෙනෙ නැති තරමටම එයා හිටියේ ඒ සින්දුවට සමවැදිලා.අන්තිමට තමන්ගෙ සින්දුව ඉවර වෙනවත් එක්කම පිටිපස්සෙන් ඇහුන කටහඩ නිසා කුකී ගැස්සුනා.

Mine Baby (Completed )Where stories live. Discover now