Chapter 17

120 10 111
                                    

දන්නෙම නැතුව එක අවුරුද්දක් ඉවර වෙන්නත් ඇවිත් .මියුසික් කම්පිටිශන් එක තිබ්බේ දෙසැම්බර් මාසේ මුල් සතියේ ඊට පස්සේ එක සතියක් ඇකඩමි එක තිබ්බත් ඉතුරු සති දෙක ලමයි හැමෝටම නත්තල් නිවාඩු ලැබුනා.ආයේ කුකී ඇකඩමි එකට යන්නේ අලුත් අවුරුද්දක.එදා කම්පිටිශන් එක වින් කරාට පස්සේ නම්ජින් ඩබලගෙන් වගේම හොබීගෙනුත් පොඩි පොඩි තෑගි කීපයක් කුකීට ලැබුනා යුන්මින් දෙන්නත් පැයක් විතර විඩියෝ කෝල අරන් කතා කරා.තෑගි කිව්වට නම්ජින්  දෙන්නගෙන් නම් ලැබුනෙ පන තියෙන තෑග්ගක්.

Flashback

කුකී බබා ඔයාගෙ ජිනී හියුන් ආවෝ...

ජින් එහෙම කෑ ගහගෙනම ඇතුලට ඈවේ නම්ජුන් බරට බරේ මොකද්ද පෙට්ටියකුත් උස්සන් හිනාවෙවී පිටිපස්සෙන් එද්දි.ජින්ගෙ සද්දෙට කිචන් එකේ හිටිය ටේ හැන්දකුත් අතේ තියන් සාලෙට ආවේ සෝෆා එකේ හොදට අත පය දිගෑරන් ඉන්න ජින්ට රවන ගමන්.

ඔහොමත් කඩන් පයිනවද අප්පා ගෙවල් වලට .තව පොඩ්ඩෙන් මට හාටැටෑක් එකක් එනවා.අනේ ඇත්තමයි හියුන් ජූන් හියුන් කොහොම ඉන්නවද මන්දා ඔයා එක්ක පව් ඒ මනුස්සයගෙ කන් දෙක.මේක පුදුම සබ්ද දූෂණයක්නෙ අප්පා.

ටේ හැන්දත් වන වන ජින්ට කෑ ගහද්දි ජින් හොද එකක් කියන්න ලෑස්ති උනේ ඒ අතර නම්ජුන් ඇවිත් අර පෙට්ටිය පැත්තකින් තියලා වාඩි උනා.

අනේ මේ එන්න එපා හරිද මගේ මිහිරි වොයිස් එකට අනන් මනන් කියන් දෙන්නේ පෑන් එකෙන් හරී.අනික ම..

ජිනී හියුන්ගී....

ජින් රැප් එක වගේ බැනගෙන යන්න ගියත් ඒක නැවතුනේ කුකී ජින්ගෙ නම් කියලා කෑ ගහන් උඩ තට්ටුවේ ඉදන් පඩිපෙල බැහැගෙන හරියටම කිව්වොත් පැන පැන ආපු නිසයි.කොල්ලා දැන් නම්ජින් කපල් එකත් එක්ක හරි එකතුයි.ඒ දෙන්නා මෙහෙ ආවම කුකීට ටේව මතකත් නෑ දවසෙම ඒ දෙන්නා එක්ක හුරතල් වෙවී ඉන්නවා.

අනේ පැටියෝ මන් ඒත් බැලුවා වෙනදට දුවන් එන හා පැටියා කෝ කියලා.මොකෝ නිදාගෙනද හිටියේ.
ජින් ආදරෙන් කුකීව තුරුලු කරන් ඒ කොන්ඩෙත් පොඩ්ඩක් අවුල් කරලා අහද්දි අනිත් දෙන්නත් මේ දිහා බලන් හිටියේ ආදනීය ඇස්වලින්.

Mine Baby (Completed )Where stories live. Discover now