Chapter 12

106 13 98
                                    

Next day morning .

අදත් වෙනදා වගේම ටේ ඔෆිස් යන්න ලෑස්ති වෙලා පහලට ආවා.කුකීත් වොශ් එකක් දාගෙන සැහැල්ලු ඇදුමක් ඇදගෙන පහලට ආවා අද එයාට ඇකඩමි එකට යන්න නෑ.ඒක තිබ්බේ සතියට එක දවසයි ඉතින් අනිත් දවස් එයා ගෙදර.ඒත් හැමදාම වගේ ටේ යන්න කලින් කුකී නැගිටලා එයත් එක්කම උදේට කන්න පුරුදු වෙලා හිටියා.අද ටේ සෝහා එක්ක ඩිනර් එහෙකට යන නිසා එයා අද වෙනදටත් වැඩිය හොදට ලෑස්ති වෙලා හිටියා.කුකී එනකොටත් ටේ කෑම මේසෙන් වාඩි වෙලා හිටිය නිසා කුකීත් හිනාවෙවීම ඇවිත් වාඩි උනා.

පපා ඔයා අද ගොඩක් හැන්ඩ්සම් .

ඕ එහෙමද.ඒ කියන්නේ වෙනදට මන් කැතයිද.
ටේ කුකීට විහිලුවක් කරන්න හිතන් එහෙම ඇහුවා.ටේ අහපු එකට කුකීගෙ නම් කට ඇද උනා.

අනී එහෙම නෙවෙයි හියුන් ඔයා වෙනදටත් හැන්ඩ්සම් ඒත් අද ගොඩාක් හැන්ඩ්සම් .

අම්මෝ එහෙමද .තැන්ක් යූ තැනක් යූ කූ.හරි හරි දැන් කමුකෝ .

ටේ එහෙම කියලා කන්න පටන් ගත්තා කුකීත් කතාවක් නැතුව පාඩුවේ කන්න පටන් ගත්තා.ඒ අතරේ ටේ කුකීට කතා කලා.

කූ .

ඇයි ටේ ටේ .

මන් අද එන්න රෑ වෙයි.ඒ කිව්වේ ගොඩක් රෑ වෙයි.ඔයාට තනියම ඉන්න පුළුවන් ද .
ටේ ටිකක් බැරෑරුම් විදිහට අහද්දි කුකී ටිකක් කල්පනා කරලා ඔලුව වැනුවා.

පුළුවන් ටේටේ .

ඔයාට ශුවර් ද කූ.ඕන්නම් මන් ජින් හියුන් ට කතා කරන්නද මෙහෙ එන්න කියලා .
ටේ කියද්දි කුකීට ඒකට සතුටු හිතුනා.එයත් ආසයි ජින් එක්ක ටිකක් කතා කරන්න දවසෙම ගෙදරට වෙලා ඉද්දි එයාටත් කම්මැලි නේ ඒත් ඉතින් ජින්ටත් වැඩ තියෙන නිසා කුකී කැමති උනේ නෑ ජින්ට කරදර වෙනවට.

ඕනේ නෑ ටේ ටේ .මට ඉන්න පුළුවන් .

හ්ම්ම්.එහෙනම් කාලා බීලා රෑ වෙනකන් ඉන්නේ නැතුව නිදාගන්න හරිද.මන් රෑට කෑම එක ඕඩර් කරලා එවන්නම්.ඔයා හොදට දොර ලොක් කරලා නිදා ගන්න.මන් ගාව යතුරක් තියෙනවා මන් ඒකෙන් දොර ඇරගන්නම්.

හරි ටේ ටේ.
ඊට පස්සෙ දෙන්නම කාලා භාජන ටිකත් හෝදලා ටේ කුකීගෙ ඔලුවත් අතගාලා පරිස්සමෙන් ඉන්න කියලා ඔෆිස් ගියා.ටේ ගියාට පස්සේ දොරත් වහලා කුකී ආපහු කාමරේට ආවා.ඊට පස්සේ මගින් නැවතුන හීනේ ඉතුරු ටික බලන්න හිතන් ආපහු නින්දට වැටුනා.කුකීට නින්ද ගිහින් පැය ගානකට පස්සේ හරි සනීප අතක පහසක් එයාගෙ කෙස් අතරින් එහෙමෙහෙ යනවා වගේ දැනුන නිසා ඇස් අරින්න කොච්චර කම්මැලි උනත් එයා හිමීට ඇස් ඇරියා.එතකොට ම තමන් ලගම ඉදගෙන ඇස් අන්දවෙන තරමේ හිනාවකින් ආදරෙන් තමන් දිහා බලන් ඉන්න ජින් ව දැක්කාම නම් කුකී පුදුම උනා.එයා ටක්ගාලා ඇදෙන් කෙලින් උනා.

Mine Baby (Completed )Where stories live. Discover now