Chapter 21

112 8 34
                                    

ටේ කුකීවත් කුකී ටේවත් නොදැක දැනට සති තුනකට කිට්ටුයි.ටේ හැමදාම කුකී ඇහරෙන්න කලින් එයාට කෑමත් හදලා ඔෆිස් යනවා ආපහු එන්නෙ මහ රෑට.එදත් වෙනදා වගේම දවසක් ටේ උදේම වැඩට ගිහින්.නිවාඩු දවසක් නිසාම කුකී ඇහැරුනේ පරක්කු වෙලා.වෙනදා වගේ ම මලානික මූනකින් ඇහැරුන කොල්ලා වොශ් එකක් දාගෙන පහලට ආවා.මේ දවස් ගානට කොල්ලා තවත් ඇදිලා ගිහින් අනිත් අය ඉස්සරහ හිනා වෙලා හිටියට තනි වෙන හැම වෙලාවෙන ඒ මූනෙ හිනාව අතුරුදහන් වෙලා ගියා.ටේ මේ දේවල් කිසි දෙයක් දැක්කෙ නැති උනත් හොබී ,බෝගම් වගේම ජේයුන් උනත් කුකීගෙ මේ වෙනස දැක්කා .ඒත් කොච්චර ඇහුවත් හේතුවක් නොකියද්දි එයාලත් කුකීගෙන් ඒ ගැන අහන එක නැවැත්තුවා .පහලට ආවත් වෙනදා නැති විදිහට අද හදවත ගැහෙන බව කුකීට හිතුනා.කෑම කන්න වාඩි උනත් හිතට අමුතු බයක් වගේ හැගීමක් දැනෙන නිසා කෑම ටික එහෙම්ම වහල තිබ්බ කුකී ගියේ ගෙදර ලෑන්ඩ් ෆෝන් එක ගාවට.එතන තිබ්බ පොතෙත් ටේගෙ නම්බර් එක බලන් ඩයල් කරපු කුකී ඒ දිහාම බලන් හිටියේ ගන්නවද නැද්ද කියලා.කුකී ගෙදර තනියම ඉන්න නිසා හදිස්සියක් උනොත් කාට හරි කතා කරන්න කියලා ටේ ලෑන්ඩ් ෆෝන් එකක් ගෙනත් දවසක් කුකීට ඒකෙන් කෝල් ගන්න විදිහ කියලා දුන්නා.විනාඩි දෙකක් විතර ෆෝන් එක දිහා බලන් හිටිය කුකී බොත්තම ඔබලා රිසීවර් එක කනේ තියාගත්තා.රින්ග්ස් ගිහින් පලවෙනි පාර කෝල් එක කට් උන නිසා කුකී දෙවෙනි පාරත් ගත්තේ උදේ ඉදන් හිතේ තිබ්බ අමුතු තිගැස්සම වැඩි වෙද්දි.දෙවෙනි පාරත් කෝල් එක ආන්සර් නොවෙද්දි පිට පිට හතර පාරක්ම කොල්ලා ටේට කෝල් කරත් ඒක ආන්සර් උනේ නම් නෑ.බය වැඩි කමට කුකීගෙ ඇස් දෙකේ කදුලු පිරෙද්දි  කුකී ඊලගට බැලුවේ ටේගෙ නම්බර් එකට යටින් තිබ්බ සෝහගෙ නම්බර් එක.කුකී දෙපාරක් නොහිතා ඒකට කෝල් එකක් ගත්තත් ඒ ෆෝන් එකත් ආන්සර් නොවෙද්දි කුකීට සද්දෙන්ම ඉකියක් පිට උනා.තවත් බලන් ඉන්න බැරිව කරන්නෙ මොනාද කියලා හිතාගන්න බැරුව කුකී හොබීට හරි කතා කරනවා කියලා හිතුවත් ඊට කලින් එයාගෙ ඇහැ ගැටුනේ ටේගෙ ඔෆිස් එකේ නම්බර් එක පුළුවන් ඉක්මනට ඒ නම්බර් එක ඩයල් කරපු කොල්ලා කෝල් එක ආන්සර් වෙනකන් නියපොත්තක් කන්න ගත්තෙ පපුව එකසිය ගානට ගැහෙද්දි ඒත් මේ පාර කුකීගෙ බලාපොරොත්තුව ඉශ්ට කරලා එහා පැත්තෙන් කෙනෙක් ඇමතුමට සම්බන්ධ උනා.

Mine Baby (Completed )Where stories live. Discover now