Chapter 20

101 10 37
                                    

After 2 weeks..

ටේ කුකී එක්ක ආපහු සෝල් වලට ඇවිල්ලා දැනට සති දෙකක්.එහෙ ඉදලා ආපු මුල් දවස් ටිකේ නම් කොල්ලා හිටියේ හූල්ල හූල්ල ඊට පස්සෙ ටේ හේසෝන් ඔම්මට කෝල් කරලා විස්තරේ කිව්වම එයාත් කුකීට කතා කරලා හිත හැදුවා.ඔම්මා එක්ක කතා කරාට පස්සෙත් ටිකක් අවුලෙන් වගේ හිටිය කොල්ලා ඇකඩමි එකට ගියාට පස්සෙ ආයේ පරන මූඩ් එකට ආවා.බෝගම් එක්ක එකතුවෙලා කුකීත් දැන් දග කොල්ලෙක් වෙලා.දැන් මේ ටේ ලෑස්ති වෙන්නෙ එයා මෙච්චර කාලයක් මහන්සි වෙලා වැඩ කරපු දේවල් වලට ඇගයීමක් ලබා ගන්න යන්න.ඔව් ඔව් අද තමයි අවෝඩ් සෙරමනි එක තියෙන්නේ .ටේ ලෑස්ති වෙලා කුකීගෙ කාමරේට ගියේ එයා ලෑස්තිද බලන්න.

කූ ඔයා ලෑස්තිද .

අහ්.ඔව් ටේ ටේ.

ටේ කතා කරද්දි කුකී එයාගෙ ලස්සන හිනාවත් එක්ක ටේ දිහාට හැරුනා.ඇත්තටම අද කුකී ගොඩක් ලස්සනයි.ටේට එක මොහොතකට හිතුනා තමන් කුකීව එක්ක යන්න ගත්ත තීරනේ හරිද කියලා.මොකද මෙයාව මේ විදිහට එක්ක ගියොත් ටේට මුලු වෙලාවෙම කුකීව පරිස්සම් කරන්න වෙන සීන් එකක් තියෙන්නේ මේ ලස්සන හැමෝම දකිනවා නේද කියලා මතක් වෙලා ටේට පොඩි නොරිස්සුම් ගතියක් ආවත් එයා ඒ ගැන වැඩිය හිතන්නෙ නැතුව අමතක කලා.ටේ මුලින් හිතුවේ කුකීව ජින් එක්ක තියලා සෝහා එක්ක යන්න උනත් අවෝඩ් සෙරමනි එකෙන් පස්සෙ තියෙන පාටි එකට එදා ටේගෙ වෙඩින් එකට ආපු අය කීප දෙනෙකුත් එනවා එතකොට අනිවාර්යයෙන් එයාලා ටේගෙන් කුකී ගැන අහනවා ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තර බදිනවට වඩා ටේට කුකීව එක්ක යන එක හොදයි කියලා හිතුනා.අනික එතනට පාට්නර් කෙනෙක් නැතුව යන එක ටේට මදි පාඩුවක් වගේ දැනුනා.මීට කලින් ඔහොම පාටියකට ටේ ගියේ සෝහා එක්ක.ඒත් අද එයාට එහෙම යන්න බෑ.කුකීත් මුල ඉදන් ම මේකට එන්න බෑ කියලා කිව්වේ එයා මීට කලින් ඒ වගේ තැනකට ගිහින් නැති නිසා වගේම අනික එතන මිනිස්සුන්ට කොහොම මූන දෙන්නද කියලත් කුකී දන්නෙ නැති නිසයි.ටේ උඩ ඉදන් යටට බැලුවේ එයාගෙ ඇදුමේ පාටටම මැච් වෙන්න ටේ ගෙනත් දීපු ඇදුම ඇදලා ඉන්න තමන්ගෙ පුංචි හස්බන්ගෙ හැඩ.

ඒ ඇදුමට නම් ඔයා ලස්සනයි කූ.

හී තැනක් යූ ටේ ටේ .ඔයත් ලස්සනයි අද.

Mine Baby (Completed )Where stories live. Discover now