කූ තව ටිකයි පොඩ්ඩක් ඉවසන් ඉන්න හරිද ගොඩක් රිදෙනව නම් කියන්න මට මන් තව ටිකක් හිමීට කරන්නම්හරි හියුන්
ඔන්න මන් දාන්න හදන්නේ රිදෙනව නම් මගෙ උරහිසෙන් අල්ලගන්න කූ.
ටේහියොන් ට හොදටම දාඩියත් දාලා කුකී වේදනාව ඉවසගන්න වගේ ටේගේ උරහිස අතින් මිරිකලා අල්ලගත්තා.කොහොම හරි දගලලා දගලලා හෙන වෙලාවකට පස්සේ ටේ කුකීගේ කකුලේ ඇනිලා තිබ්බ වීදුරු කටු ඔක්කොම අයින් කරලා සර්ජිකල් දාලා පිරිසිදු කරලා බැන්ඩේජ් වලින් එතුවා.සර්ජිකල් දානකොට දැනෙන වේදනාවට කුකී ටේගෙ උරහිස කොච්චර තදින් ඇල්ලුවද කියනවා නම් කොල්ලගෙ නියපොතු පාරවල් ටික හරි ලස්සනට ටේගේ ෂර්ට් එකට යටින් උනත් හමේ හිටලා තිබ්බා.
Flashback ...
ටීවී එක දිහා බලන් හිටපු කුකී ගැස්සුනේ එක පාරට වීදුරුවක් බිදුන සද්දෙ නිසා.ඒත් කුකීට ඉබේටම තඩි කෙල ගුලියක් ගිලුනේ එතන හිටන් ඉදපු වෙනස්ම ටේව දැකලා ඇස් රතු කරන් කුකී දිහා බලන් ඉන්න ටේව දැක්කාම කුකී ඉබේටම නැගිට්ටුනා.
කිම් ජන්ග්කුක් ....
කවදාවත් නැති විදිහට ටේගෙ වොයිස් එක සද්දෙන් ඇහෙනකොට කුකී වෙව්ලන්න ගත්තා ඊටත් වඩා මුල් දවසේ ඇරුන කොට ටේ මේ වෙනකන් කුකීට එයාගේ හරි නමෙන් කතා කලේ නෑ.ටේ බර අඩි තිය තිය හිමීට කුකීගේ ලගට එන්න එන්න ඒහා සමානව කුකී පස්සට අඩි තිබ්බා.ටේට හිනා යන්න ආවත් එයා තව ටිකක් කුකීව බය කරන්න හිතන් කුකී ලගට ඇවිදන් ආවා.ටේට බයේ පස්සෙන් පස්සට ගිය කුකීගේ කකුල වැදිලා එතන ටේබල් එක උඩ තිබුන වීදුරු වාස් එක බිදුනා ඒත් කුකීට ඒක ගානක් උනේ නෑ ....කූ දරුවෝ බලාගෙන ...
කුකී බයවුන පාර වීදුරු කටු උඩින්ම අඩිය තියලා පස්සට ගියා ඒක දැක්කාම නම් ටේට තරු පෙනුනා ඒයා කුකීගෙ නම කියන් කෑ ගහගෙන ලගට ආවත් කුකී බයෙන් පිටිපස්සට ගිහින් බිත්තිය දිගේ රූටලා බිම ඉන්දුනා.ටේ වීදුරු කටු සපත්තුවෙන්ම එහාට කරන් කුකී ලගට ආවාත් කිසිම කතාවක් නැතුව තාමත් බය වෙලා බලාගෙන ඉන්න කුකීව දැක්කාම නම් හොදටම කලබල උනා ටේ කුකීගේ කම්මුල් වලට තට්ටු කර කර කතා කලත් කොල්ලගෙන් හ්ම් කියලවත් වචනයක් පිට උනේ නෑ.ඉක්මනට කිචන් එකට දුවලා වතුර ටිකක් අරන් එනකලුත් කුකී ඒ විදිහටම හිටියා වතුර එක අරන් ඇවිත් මූනට ඉහින කොට ගැස්සිලා ගිය කුකී එහෙන්මම ටේගෙ ඇගට සිහි නැතුව කඩන් වැටුනා ඉක්මනට කුකීව වැටෙන්න නොදී අල්ලගත්ත ටේ එයාව වඩාගෙන රූම් එකට අරන් ගිහින් ඇදෙන් තියලා ෆස්ටේඩ් බොක්ස් එක අරන් එන ටිකට හිමීට ඇස් අරින කුකීව දැකලා ටක් ගාලා එයා ලගට ආවා.කුකීට ඇති උනේ ශොක් එකක් ටේ ඒක දන්න නිසා ගොඩක් කලබල උනේ නෑ.හිමීට ඇස් ඇරපු කුකී ටේ දිහා බලන් ඉන්න නිසා ටේ කතා කලා එයාට ලොකු වරදකාරී හැගීමක් ඇති උනා එයා කරපු දේ ගැන
YOU ARE READING
Mine Baby (Completed )
Fanfictionමන් වෙනුවෙන් කරපු හැමදේටම ස්තූතිය හියුන්. මට ස්තූති කරන්න එපා මැණික .මමයි ඔයාට ස්තූති කරන්න ඕනෙ මගෙ ජීවිතේ ට ආවට.