🌈️Chapter 11

60 12 4
                                    

"අහ්හ්හ්... ඕප්ස් සොරි..."

වටපිටේ මිනිස්සුන්ට රවාගෙන මේ අසාධාරණ ලෝකෙට බනිමින් හිටිය මගේ කන් වලට ඇහුනේ නම් මහා සියුමැලි ලලනා කටහඩක්..ඒකත් මං ළගින්ම...මං ඉතින් ඒ පැත්තට බෙල්ල හැරෙව්වා...

හරි ශෝක්...ඇස් වලින් අනුභව කරමින් හිටිය කෑමදාසලා ටික වැඩ පටන් අරන්...විලි වහ ගන්නවත් මදි තරම් කොට ගව්ම් කෑල්ලක් ගහගෙන හිටිය මෝහිනි නංගී වගේ කෙල්ලෙක් හිටියේ අ‍යියාගේ ඇගේ...

එයාම අයියාගේ අතින් අල්ලගෙන ඇස් උස්සලා බලලා සොව්රී කියලා කිව්ව ටෝන් එක නම් මට ඇල්ලුවේ නෑ...

එක අතක් තිබුනු විදියටම සාක්කුවෙ දාගෙන අනෙක් අතේ තිබුනු phone එක කනේ තියාගෙන හිටිය අයියා ඇස් අකුළගෙන ඒ මෝහිනීගේ නංගී රෝහිනී දිහා බලන් හිටියා...

ශිට් මුන් පිලිල වගේ..ධාරකයක් පේන්න බෑ ඇගේ එතෙනවා...මාරක ශාක...

මං ඒ දිහා බලන් ඉද්දී මං දිහා බැලුව අයියා අර කෙල්ලගෙන් ඈත් වෙලා අඩියක් පිටි පස්සට තිබ්බා..

"හරි මචන් අපි ඇවිත් ඉන්නේ...ඕකේ ඕකේ..එන්නම්.."

Phone කනේ තියාගෙන කියපු එයා මගේ දිහාත් බලලා ඇස්වලින් යන් කියද්දී මාත් අර කෙල්ලට ඇස් අකුළල රැව්වා...මට පේන්න බෑ මේ එතෙන වුන්..හැපින්නියෝ වගේ....

"Hey boy..."

අපි එතනින් එන්න හදද්දී අර රෝහිනී ආයෙත් කතා කලේ කොන්ඩ කෑල්ලකුත් කන පිටි පස්සේ හෙන ලතාවට රදවන ගමන්...මායි අයියයි දෙන්නම ආයේ ඒ දිහාට හැරුණා...ඇහුනේ නැ වගේ යන්න තිබුණා..ඒත් මේ කෙල්ලෙක් නේ....මෙතන මිනිස්සු ඉස්සරහා අපහසුතාවෙට පත් කරන එක කොල්ලෝ හැටියට අපේ චරිතයටයි හොද නැත්තේ...

"මේ..මගේ makeup එකඔයාගේ ඇදුනේ ගැවිලා.."

අයියාගේ පපුවට ඇගිල්ල දිග් කරගෙන ඒ කෙල්ල කියද්දී අයිය හෙමින් අඩියක් පිටි පස්සට තිබ්බා...

"ඕ ශිට්.."

අයියා පපුව දිහා බලලා කියද්දී මාත් ඒ දිහා බැලුවේ...ඊව්...මේකුන් පිටි වල නාලා එන වුන් නේ...කේක් එකකටවත් මෙච්චර පිටි දාන්නේ නැතුව ඇති...හරියටම පපුවට උඩින් උරහිසේ සුදු පාට මේකප් පැල්ලමක්...

~🌈️වර්ණ🌈️~ (TK Non Fanfiction )Donde viven las historias. Descúbrelo ahora