🌈️Chapter 05

93 20 9
                                    

අද උදේම නැගිටලා ලෑස්ති වෙලා ස්කෝලෙට යන ගමන් මෙතුල්ව ඩේ කෙයා එකට දාන වැඩේ භාර වුනේ මට...අද අක්කාට නැගිටින්න පරක්කු වෙලා...තවම එළවලු ලිපේ...අක්කා යද්දී 8.00 විතර වෙනවා...ඒත් අද පරක්කු වෙයි...මොකද අක්කා උයලා තියලා යන්නේ...මටයි මෙතුල්ටයි දවල්ට කන්නත් එක්කම...

මං ගෙයින් එලියට බහිද්දිත් 7.10 ත් වෙලා..අදත් ඉතින් පිටිපස්සේ තාප්පේ පිහිට තමයි...මෙතුල්ගේ ඩේ කෙයා එක ළගින්ම මං මෙතුල් බබා එක්කම බස් එකෙන් බැස්සා...මෙතුල්ව ඩේ කෙයා එකට බාර දීලා..මං එතන ඉදන් පැයට කිලෝමීටර් 60 ක විතර වේගයකින් ස්කෝලේට දිව්වා...කොහොමත් ගේට් එකෙන් යන්න බෑ දැන්...මං ආවේ පිටි පස්සේ තාප්පේ ළගට...

ටහුක්...ගාථා කියනවා ඇහෙද්දී මං වට පිට බලලා තාප්පෙට නැගගෙන හෙමීට ඒ පැත්තට පැන්නා...හොදයි අතුරු ආභාදයක් නෑ....අපි මේවා පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයි මල්ලී....මට නම් ගේට් එකට වඩා තාප්පේ හුරුයි...ඇත්තම කියන්න එපැයි...යාලුවාගේ තාත්තා principal වුණු එකේ එක හොදක් තමයි යාලුවා නිසා තාත්තා හැරෙන පැත්ත හොයා ගන්න පුලුවන් වෙන එක...

"අහ්හ්...මොන~?"

මගේ වෙලාවේ හොද කම කියන්නේ...බිමට වැටෙන්න ගිය බෑග් එක හදාගෙන ඔලුව උස්සද්දී මගේ ඉස්සරහා හිටියේ මං අකමැතිම කෙනා...අහ්හ් උදේම මගේ දවස කෑවා....

"Good Morning..."

අභිරු....මං හිතන්නේ මේක වෛරස් එකක නමක්....දවසින් දවස මාව ආක්‍රමණය කරන වෛරස් එකක්...මේක නම් එච්චර ඇගට ගුණ නෑ...දැන්මම මුලිනුපුටා දැම්මේ නැත්තම් මටත් කෙළ වුණා හම්නිදා තමයි...අහ්හ් වැඩිය ගණන් ගන්න එපා...ඔය Kdrama බලන එකේ ප්‍රතිපල තමයි...

"Morning..."

"මේක අලුත් විදියක්ද උදේම school එකට එන...?"

අහ්හ්හ් මේකා එක්ක බෑ...ඒ මූනේ තියෙන්නේ සමච්චල් හිනාවක්...අනේ මට මොකෝ...අනික මූ අහන හැම එකටම උත්තර දෙන්න මූ මගේ තාත්තා ඈ...නැත්තම් ස්කෝලේ පිනා ඈ...නැත්ට්ගම් බැරි වෙලාවත් ස්කෝලෙත් මූගේ නමත් තියෙන එක property එකක් වෙන්න බැරුද?...

"තමුසෙට වැඩක් නෑ නේ..."

ඒත් එක්කම වගේ Speakers වලින් ඇහෙන හඩ නැති වෙද්දී මං හැදුවේ එතනින් ඉක්මනට පංතියට දුවන්න...

~🌈️වර්ණ🌈️~ (TK Non Fanfiction )Where stories live. Discover now