🌈️Chapter 03

103 27 5
                                    

ස්කෝලේ ඇරලා මං මෙතුල්වත් ඩේකෙයා එකෙන් අරගෙන ගෙදරට ආවා....තවම හවස තුනයි..අක්කා එන්න තව පැය තුනක්වත් යයි...අක්කා හැමදාම උදේට උයලා යනවා දවල්ටත් එක්ක...මං ඉතින් කෑම රත් කරලා පොඩ්ඩාටත් කවලා එයාව ඇග හොදවලා කොල්ලා නිදි මතේ හිටිය නිසා නිදි කරවලා ගිහින් ඇග හෝදලා ඇදුමක් මාරු කරගෙන හෙට පංතියේ වැඩ ටික කරලා දැම්මා...හෙට අක්කා ගෙදර නිසා හොදයි..නැත්තන් පොඩ්ඩා හවස් වෙනකන්ම ඩේකෙයා එකේ...එයාට ගානක් නෑ..ඒත් හවස් වෙනකන් ඉන්න දවසට හවසට වැඩ ඇරලා ළමයින්ව එක්කන් යන්න එන දෙමව්පියෝ දැක්කාම කොල්ලා ගෙදර ඇවිත් සයිඩ් ගහලා ඉන්නවා...එයාටත් නොතේරුණාට...නොඇහුවාට තාත්තාව ඕනි ඇති...හ්ම්ම්...

වැඩ ටික කරලා ඉවර කරලා මං කුස්සිය අස් කරලා හාල් ලිපේ තියලා පොල් ටිකක් ගාල තිබ්බා..අක්කා අද එළවලු ගේනවා කිව්වා නිසා....ආවාම මොනා හරි හදා ගන්නවා කියලා හිතාගෙන...

මං ගෙදරත් අතු ගලා බලද්දී මෙතුල් ඉන්නවා ඇස් පොඩි කර කර මගේ පිටි පස්සේ හිටගෙන...

"ඕ කොල්ලා ඇහැරියා ද? කෝ මොකෝ මේ..."

"අම්මා..."

අහ්හ් මේ පොඩ්ඩා නැගිට්ට ගමන් අම්මාව හොයනවා කිරි බොන්න වගේ...මං හිනා වෙලා ගිහින් පොඩි කොල්ලව වඩා ගත්තා...

"අම්මා දැන් එයි...කෝ මෙතනින් වාඩි වෙන්නකෝ..."

මං මෙතුල්ව පුටු සැටියෙන් වාඩි කරවලා එයාට කිරි එකක් හදන් ආවා...ඒක නම් බීගෙන බීගෙන ගිය කොල්ලා ඊට පස්සේ නම් මගේ අතේ එල්ලිලා හුරතල් වෙන්න ගත්තා...බොරු හුරතලේ...
.
.
.
.
මං මෙතුල් එක්ක චිත්‍රයක් පාට කර කර හිටියේ..එතකොට ඇහුණේ අපේ වත්තට වාහනයක් දාන සද්දේ...ඒත් කව්ද වාහනයකින් එන්න ඉන්නේ...ඉශාන් එන්නේ බයික් එකක...ඌගේ තාත්තා car එක ඌට අල්ලන්නවත් දෙන්නේ නෑලූ...එකාතකට ඒක හොදයි..ඕකා යනවා නෙවෙයි ඉගිලෙනවා...දවසක් මාව පංති එක්කන් යන්නඕකා ආවා බයික් එකේ...අනේ අම්මෝ එදා ඉදන් ඕකා එක්ක නම් මං පංති යන්නේ නෑ...බස් නැතුව පයින් ගෑටුවත්... මට එදා මර්ණය අත ළග පෙනුනා...ඌට ඕවා ගනක් නෑ...කෙල්ලෝ එහෙම ඉන්න තැන් වලින් මූ යන්නේ තනි රෝදෙන්...අම්මාව හරි තාත්තාව හරි දැක්කාම මූ යන්නේ බයි එකට රිදෙයි කියාලා බයෙන් වගේ...ඒ වෙලාවට ඊට වඩා හයියෙන් පයින් ඇවිදන් යන මිනිසූත් යනවා...ඌ කරන පිස්සු වැඩ නම් එමටයි කියන්න...හෙමි හෙමින් කියන්නම්කෝ...දැන් කව්ද මේ car එකක ආපු එකා....

~🌈️වර්ණ🌈️~ (TK Non Fanfiction )Where stories live. Discover now