🌈️Chapter 06

89 20 14
                                    

මට මෙතුල්ගේ අත අතැරුණා...මං ඇතුළට දුවලා ආවේ කොයි වෙලේද? කියන්න මං දන්නේ නෑ..කොටින්ම මගේ කරේ තිබුනු school bag එක කොහෙද කියන්න මං දන්නේ..මට ඇහුණේ මෙතුල්ගේ හඩ විතරක් වෙද්දී ඒ හඩ අන්තිමට ඇඩිල්ලක් වුණා...

උදේ වැඩට යන්න පරක්කු වෙලා ලෑස්ති වෙලා කඩිමුඩියේ වැඩ කරපු අක්කා මේ මහ දවල් කිසිම පණක් නැතුව සාලේ වැටිලා හිටියේ මගේ අත් පය වෙව්වලන්න ගනිද්දී...කොච්චර කොහොම උනත් ඉක්මනින් එතනට දුවලා ගිය මං අක්කාව ඉක්මනින් උස්සලා සෝෆා එකෙන් තියලා තවමත් මේ දිහා බලන් අඩන මෙතුල්වත් එක්කන් ඇවිත් පුටුවකින් වාඩි කරලා දිව්වේ කුස්සියට...මං කොච්චර වේගෙන් යන්න හැදුවත් මගේ අත් පය වෙව්ලනවා...

දෙයියනේ ඒ ඉන්නේ පොඩි කාලේ ඉදන් මගේ අම්මා වගේ මාව බලා ගත්ත කෙනා...එයා හැමදාම හිනාවෙලා හිටිය කෙනෙක්...එයා ප්‍රශ්න තිබුණත් පිටට පෙන්නුව කෙනෙක් නෙවෙයි...මං දැක්කා අක්කා මොනා දේ වුනත් ශක්තිමත්ව ඉන්නවා..මං දැක්කම ශක්තිමත්ම කෙල්ල තමයි මගේ අක්කා...ඒත් අද...එයා කපලා දාපු ගහල් වගේ බිම වැටිලා ඉන්නවා දකිද්දී මගේ හුස්ම නැවතුනේ නැති ටික විතරයි...

ඉක්මනින් වතුර කෝප්පයක් අරන් අක්කා ළගින් දණ ගැහුව මං වතුර ටිකක් අක්කාගේ මූණට ඉස්සා...එහෙමම වතුර තියෙන අත අක්කාගේ මූණෙන් තියද්දී එයාගේ වැහිලා තිබුනු ඇස් අකිලුණා...ඒ ඇස් පියන් හෙමි හෙමින් ඇරෙද්දියි මගේ හුස්ම ටික වැටුණේ..

මෙතුල් බබා ඉවරයක් නැතුව අක්කා දිහා බලන් අඩනවා...ඒ කොලුවට නොතේරුණාට ඒයා අක්කාට හරි ආදරෙයි...තාත්තාත් නැති මෙතුල්ගේ අම්මා තාත්තා දෙන්නාම වුනේ මගේ අක්කා...මෙතුල් මට කොච්චර තාත්තී කිව්වත් මාත් තවම ස්කෝලේ යන කොල්ලෙක්....

"ච්..චූටී..."

අක්කා එක අතකින් ඔලුව තෙරපගෙන අමාරුවෙන් වචන ඇහිදුවේ...

"මොකද අක්කේ වුනේ? ඇයි මේ?"

අමාරුවෙන් වාඩි වෙන්න උත්සහ කරන අක්කාව මං ඇගට වාරු කරගෙන සෝෆා එකේ කෙලින් කරලා වාඩි කරලා අතේ තිබුනු වතුර එක බොන්න ඒ තොල් වලට ලං කළා...

~🌈️වර්ණ🌈️~ (TK Non Fanfiction )Donde viven las historias. Descúbrelo ahora