🌈️Chapter 07

96 19 8
                                    

"Power Point වලින් දෙන ප්‍රශ්නේ ඕනි කෙනෙක්ට කරන්න පුලුවන්...ලේසිම ප්‍රශ්නේ...දහම් කොල්ලෝ ඔය practical papers ටික බෙදන්න.."

අලුත් IT sir වැඩ පටන් ගත්තා...නිශ්ශංකා මිස් අවසානෙට කරලා තියෙන්නේ power ponit ලූ...මං නම් word වලින් පස්සේ ආවේ නෑ...ඕවා O/L වලට කරලා කරලාම කට පාඩම්...

"අහ්හ්.."

මං ඈනුමක් ඇරලා දහම් දුන්නේ paper එක අරගෙන ටිකක් පවන් ගහ ගත්තා...රස්නෙකට නෙවෙයි...මට කම්මැලී..අනික IT room එක Full AC...ඉශාන් හිටියේ මට එහා පැත්තේ Computer එකේ...

"අඩෝ මේ...මේක කරන්නම ඕනිද බන්..."

මං ඉශාන් දිහාට නැමිලා අහද්දී ඉශානුත් අතකට කම්මුලක් බර කරගෙන නිදිමත බේරෙන ඇස් වලින් මං දිහා බෑලුවා...

"අහසා මේ..අනෙක් දවසේ මෙහෙම period  එකක් නෑ කියලා ඉමු ඈ..මට නම් බෑ බන්...මේක වස කම්මැලී බන්..."

ඉශාන්ගේ ඇස් වලින් නිදිමත වැහෙනවා...මට කියලත් වෙනසක් නෑ...ඈනුම් යනවා හෝ ගාලා..හොද වෙලාවට තව විනාඩි පහළවකින් ස්කෝලේ ඇරියාම අද නම් කෙලින්ම ගෙදර..අද පංති නෑ....ඉතින් මගේ අනෙක් පැත්තේ හිටිය පසන් practical එක කරන්න ගද්දී මාත් ඉතින් මොනා හරි ඔබන්න ඕනිවට පටන් ගත්තා...
.
.
.
මේවා මහ ලේසි වැඩ...විනාඩි දහයක් වත් ගියේ නෑ ඒක කරල ඉවර කරන්න...මං පුටුව පිටි පස්සට බර වෙලා හුස්මක් පහළ හෙලුවේ ඉශාන්ට කතා කරන්න වුනත් මගේ පිටට ස්පර්ශයක් දැනුන නිසා මං පිටි පස්සට බෙල්ල හැරෙව්වා...

"කරලා ඉවර වෙලාද ඔය අනෙක් අය දිහාට හැරෙන්නේ?"

සර්...මගේ පුටුවට අත තියන් moniter එකට එබිලා හිටියේ....ඒත් ඒ අත මගේ පිටේ වදිනවා...නෑ..වදිනවා නෙවෙයි ඒක අමුතුයි..මං පුටුවෙන් ශේප් එකේ ඉස්සරහාට වුනා..

"ඔව් සර්..."

මං කරලා ඉවර නිසා ඔව් කියද්දී ඒ ඇස් මං දිහාට හැරුණා...මට එයා මං දිහා බලන විදිය අමුතුයි...

"Wow..very good.."

සර් එහෙම කියලා මගේ උරහිසෙන් අත තියද්දී මට අපහසුවක් දැනුනා...මෙතනින් නැගිටලා යන්න හිතුණා...මට සාමාන්‍යෙන් මෙහෙම දැනිලා තියෙන්නේ එකම එක පාරයි...

~🌈️වර්ණ🌈️~ (TK Non Fanfiction )Where stories live. Discover now