🌈️Chapter 08

92 23 14
                                    

මං ලිස්සලා ගිය එකත් ඇත්ත...ඇස් දෙක වැහුණාම මාව වැටුණාත් මට දැනුණා....හැබැයි රිදුනේ නෑ..ඒත් කන ගාවින්ම ඇහුණු හඩ නම් මගේ නෙවෙයි...

"අහ්හ්.."

ඒ මං නෙවෙයි...වැටුණු වෙලාවේ මගේ කට කනට ගියා වෙන්න පුලුවන්ද?

මං ඔලුව උස්සන්න ගියත් මට දැනුනා මං දඩු අඩුවකට හිර වෙලා වගේ...වැටුණු පාරට මගේ නළලත් මොකක් හරි කට්ටියක වැටුණා...ඒත් බිම නම් නෙවෙයි ඒක ශුවර්...මං ඇස් ඇරියා..ඇස් ඉස්සරහාම තිබුනේ දුඹුරු පාට රෙද්දක්...මට තවම වුනු දේ වගේම මං ඉන්නේ කොහෙද කියන්නවත් හිතා ගන්න බෑ...මං ඔලුව වමට හැරෙව්වා..

හුටා ඇටයක්...නෑ..මේ උගුරු ඇටයක්...මගේ හිස කදින් වෙන්න වෙලාවත්ද? දෙවියනේ මෙතුල්ට කෝ දැන් චූටී තාත්තියෙක්...අක්කාට කෝ මල්ලියෙක්...ඉශාන්ට කෝ බොක්ක ෆ්‍රෙඩෙක්...එතකොට අර අභිරුවාට කෝ මස්සිනෙක්...මං ඇස් දෙක ආයෙමත් වහගෙන ඔලුව ආපහු පහළට හැරෙව්වත් මගේ නළල ආයෙත් අර කට්ටේ වැදුනා...අහ්හ්.....ඒක නම් රිදුනා...

පොඩ්ඩක් ඉන්න...මට රිදෙනවා නම් මගේ හිස කදෙන් වෙන් වෙලා වෙන්න බැ නේද? මං ඔලුව ඉස්සුවා..ඔව් නේ..කද වෙන් වෙලා නම් ඔලුව කොහොමද මෙහෙම එහෙ මෙහෙ වනන්න පුලුවන් වෙන්නේ...

ඒත් ඔලුව ඉස්සුව ගමන් දැක්ක දේට නම් මගේ හුස්ම නතර වුණා...මට හීක් ගෑවුණා...මගේ හිස කදින් වෙන් වෙලා නම් කියලා හිතුණා...

මං හිටියේ අභිරුගේ ඇග උඩ...ඌත් දොත බදලාම මාව අල්ලගෙන...මගේ නළල වැදිලා තියෙන්නේ එයාගේ උරහිසේ...එතකොට තමා මට ඇටේ...අයි මීන් උගුරු ඇටේ මතක් වුනේ...ඕ ශිට්...

වැටෙන්න යද්දී මේ ගෝතයා මාව අල්ලගෙන වගේම බෑන්ස් එක නැතුව දෙන්නා එක්කම වැටෙන්න ඇති..ඒකත් ඌ බිම පත බෑවිලා..මං ගානට ඒ ඇග උඩට වැටිලා...මට නම් අලාභ හානී නෑ...ඒත් මගේ බර දරා ගත්ත මුගේ කොන්ද නම් ලෙප්ට් ඇති...ශුවර්...

මං හැදුවේ දඩි බිඩි ගාලා නැගිටින්න වුනත් එයාගේ අත් මගේ වටා තවත් තදින් එතෙද්දී නම් මාව රත් වුණා...මගේ ඇස් ලොකු වෙන්න ඇති..මං ඔලුව උස්සලා එයා දිහා බලද්දී එයාත් ඇස් යටින් මං දිහා බලන් හිටියේ..ඒක මට හරි අමුතුයි...මුලු ඇගම ගිනි ගන්නවා වගේ හිරි වැටිලා ගියේ ඇයිද මංදා...

~🌈️වර්ණ🌈️~ (TK Non Fanfiction )Where stories live. Discover now