🌈️Chapter 04

95 27 9
                                    

"Thank you අභිරු පුතා...ඇත්තටම මිස්ටර් විජේමාන්න පුතා ගැන හුගක් ආඩම්භර වෙයි...well done son"

"Thank you සර්...මං කැමතී අද ඉදන්ම මේ වැඩ ටික පටන් ගන්න.."

"Of course අභිරු පුතා...ඒකටමයි මං මේ ළමයින්ම ගෙන්නුවේ..."

පිනා අපි දිහාට හැරෙද්දී මගේ එහා පැත්තේ හිටගෙන ඉන්න ඉශාන් හෙන අහිංසක මූණක් මවාගෙන උගේ අප්පච්චි දිහා බලන් හිටියා..

"මේ ඉන්නේ Grade 12 student ලා...සමර් හට් එකේ වැඩ වලට මේ අයගෙන් පුතාට උපරිම support එක ලැබෙයි..."

ඉශාන්ගේ තාත්තා එහෙම කියද්දී අර සෙවල ගෙම්බා මං දිහා බලලා කට කොනින් හිනා වුනා...අනේ අපි අහු වෙයි ඕවට...හැබැයි කියන්නම ඕනී...ඌ එහෙම හිනා වෙද්දී මාරම මෙව්වා එකක් තියෙනවා...ඔව් මෙව්වා එකක්..මොකක්ද කියන්න මං දන්නේ නෑ...

"Thank you සර්.."

"මගෙන් මොනා හරි කෙරෙන්න ඕනි නම් පුතා මට කතා කරන්නකෝ හරිද?"

"Ohh okay Sir..thank you"

එහෙම කියලා ඒකා අපි දෙන්නා දිහා බලලා principal office එකෙන් එලියට යද්දී principal ට ඔලුව නවාගෙන ඉශාන් පස්සෙන් මාත් එලියට ආවා...

අපේ අක්කාගේ අභී තමයි අර ඉශාන් කිව්ව අපේ අබලන් තත්වයේ තියෙන සමර් හට් එක ආයෙත් හදලා දෙන්න වගකීම බර අරගෙන තියෙන්නේ...මේක ඌගේ ස්කෝලේ කියලා මහ ලොකු ආදි ශිෂ්‍ය පට්ටම ඔලුවට අරන් ස්කෝලෙට ලොකු ඩොනේශන් එකකුත් කරලා සමර් හට් එකේ සම්පූර්ණ වැඩ බාරගෙන තියෙන්නේ මූ...එතකොට ඒකයි එදා ඌ අපි ළගදිම meet වෙයි කිව්වේ..ඒත්...ඌ කොහොම්ද දන්නේ මං මේ ස්කෝලේ කියලා...

"සමහර විට අක්කා කියන්න ඇති..."

"මොනාද උබ කුටු කුටු ගාන්නේ.."

මං ඒක හයියෙන් කියලාද? ඉශාන් මගේ කරට අතක් දාලා මාව එයාගේ පැත්තට ඇද ගද්දයි මං ඔලුව ඉස්සුවේ...අපි හිටියේ කඩා වැටිලා තියෙන සමර් හට් එක ඉස්සරහා...සමර් හට් එක ගැන කිව්වොත් ඒක දිරලා ගිහින්...වහලේ එහෙම ගන්න දෙයක් නෑ..ඉස්සරහා දොර පැත්තකින් එල්ලි එල්ලී තිබිලා මේ ළගදී ඕකට නිකන් දොර හේත්තු කළා ඉස්සරහින් ඩෙස් එකක් තියලා.. සත්තු ඇතුළට යන නිසා..මොකද ඕක ඇතුලේ තිබ්බ ඩෙස් එහෙම හෙනම අලුත් ඒවා...මේ හරිය හොල්මන් ෆිම් එකක වයිබ් එකක් දෙන්නේ...අවුරුදු ගානකින් ඕක ඇතුළ සුද්ද කරලා නැතුව ඇති....නිකන් බය හිතෙන පෙනුමක් දෙන්නේ අප්පා මෙතන...

~🌈️වර්ණ🌈️~ (TK Non Fanfiction )Where stories live. Discover now