CHAPTER 17 đŸģ

Zacznij od początku
                                    

" ගෞර්ය..මෞර්ය කියන්නේ මම ආදරේ කරන කෙනා.. "

නෑ.. මට ඇහුනේ වැරදියට.. ඔව් ඒක කීයටවත් වෙන්න බෑ.. එයා කොහොමද මගෙ අයියට ආදරෙ කරන්නේ..නෑ නෑ ඒක වෙන්න බෑ..

" නෑ නෑ ඔයාට වැරදිලා ඇති අභී..එහෙම වෙන්නේ කොහොමද "

" මගේ වයසේ මාත් එක්ක හිටපු දැන් බැදලා ලමයෙක් ඉන්න රට හිටපු මගේ ආදරේ ඔයාගේ අයියා ගෞර්ය "

මගේ හදවතට දැනුන වේදනව මෙච්චරයි කියලා කියන්න පුලුවන් වුනානම්.. මාව ප්‍රතික්ෂේප කරේ මගේ අයියට ආදරේ නිසාද? අවුරුදු ගානක් තනිකඩව ඉන්න හේතුව මගෙ අයියද?

" අභී ඔයාට එයාව දැක්කම දුක හිතුනද "

" ගෞර්ය මම හෙට ගෑනු කෙනෙකුයි ලමයෙකුයි එක්ක ඇවිත් ඔයා ඉස්සරහින් හිටගත්තොත් ඔයාට කොහොම දැනෙයි ද? අන්න ඒ වගේ හැගීමක් මට දැන් තියෙන්නෙ "

" අභී ඔයා තාමත් එයාට ඒ තරම් ආදරෙයි ද ""

" ගෞර්ය මම ඔයාට පස්සේ කතා කරන්නම්..මට මෙතන ඉන්න අමාරුයි ගෞර්ය.. මම ගිහින් එන්නම් "

" අභී..ප්ලීස් ඉන්නකෝ... ඔයා ගියා කියලා දේවල් වෙනස් වෙන්නෙ නැනේ.. මම කියනවට ඉන්නකෝ "

අභී අයියාව අමාරුවෙන් මම නවත්ත ගත්තා.. මට බෑ එයාගෙන් කිසිම විස්තරයක් නොදැන යවන්න.. අනික එයා දැන් ගියොත් එයා ආපහු කාලයක් යනකන් එයාගේ හැගීම් අස්සේ හිරවෙලා ඉන්නවා..

අභී අයියා එක්ක ආපහු සාලෙට යද්දි ලොකු අයියා චූටි දෝනිව උකුලේ තියන් හුරතල් කරනවා..ගීත් අයියා ඒ ලගින් වාඩි වෙලා අයියා එක්ක කතා කර කර ඉන්නවා..

මම අභී අයියව මගේ ලගින් තියාගෙන සෝෆා එකේ වාඩි වුනා..

" මල්ලී..ඔන්න සුභ ආරංචියක් අරන් ආවේ මම "

" ඒ මොකක්ද ලොකු "

" බාප්පට සෙල්ලම් කරන්න කොලු පැටියෙක් ගේන්න යන්නේ.. "

" මොකක්.. !? කෝ අක්කා..."

" සුදු බබා.. චුට්ටක් එන්නකෝ "

ඇත්ත නේන්නම්..අක්කට චූටි බන්ඩියක් ඇවිත්..

" කොලු පැටියෙක්ද ලොකූ එතකොට "

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Opowieści tętniące Åŧyciem. Odkryj je teraz