8. වැස්ස

77 3 18
                                    

සීතල හුලන් හමාගෙන යද්දී හද අහසේ තරු වටකරගෙන කතා කියනවා. තවත් වෙහෙසකර දවසක් ඉවරයි. ඇත්තටම හරිම නිස්කලංකයි. මගෙ උරහිස් දෙක ගැලවිලා වැටෙයි වගේ. කොන්දත් රිදෙනවා, කකුලුත් රිදෙනවා.ඒත් හිත ඇතුලෙන් අමුතු සතුටක් දැනෙනවා. මහන්සිවෙලා වැඩ කරන මිනිසුන්ට සුබ පතන්න හීන් පොද වැස්සක් වැටෙනවා.

මන් හිටියේ ලිද ලග, නාන්න කියලා ඇදලා ගත්ත වතුර බාලදිය ලින් ගැට්ට උඩ තියලා මන් හද දිහා බලන් හිටියා, හීන් වතුර බින්දු ඇස් උඩට වැටෙනකොට ඇගම හීනි පිනිකැට වෙලාගන්නකොට හිතට වගේම ඇගට දැනුනේ පුදුමාකර සනීපයක්. සැරින් සැරේ වැහිවලාකුල හද වහගන්නකොට සැරින් සැරේට මූනට එලිය වැටුනා.

"ලස්සනයි නෙද"

"අඩේ උබ ගියේ නැද්ද මන් හිතුවේ උබ ගියා කියලා."

හියුන්ජින් මන් දිහා බලාගෙන හිනාවෙනවා.කෙසේ වෙතත් මුගේ හැසිරීමයි ,හිනාවයි, මට ඇල්ලුවේ නෑ. මම ආයේ වතුර බල්දිය අරන් නාන්න සැරසුනේ.

"උබ පලයන්. මන් එන්නං."

"මන් උබ එනකල් ඉන්නං."

අතට ගත්ත වතුර බාල්දිය ආයේ ලිං ගැට්ටෙන් තියලා මන් මූ ගැන හොද ස්කෑන් පාරක් දාන්න අනිත් පැත්ත හැරුනේ.

"මට තනිකන් දෝසේ නෑ යකෝ. "

මෙන්න මූ හිනා වෙන්වා. වෙනදා එකට දහයක් කියන එකා ,

"පලයන් ඉතින් ."

"උබ තාම මට යවන්න හදනවද?"
ඒ කටහඩ ..ගොඩක් ගැඹුරුයි.වෙනදා වගේ නෙවේ.

"මොනද යකෝ කියන්නේ "

"ඇයි බන් රගපාන්නේ. කිසිම හැගිමක් දැනිමක් නෑ වගේ , ඇයි උබ හිතේ තියන දේවල් හන්ගගෙන ඉන්නෙ."

"ඒ වැස්ස වැඩි වෙනවා , උබ පලයන්. ආයේ නාන්න වෙයි."

"ඇයි හැමදාම ලිස්සලා යන්නේ."

"අනේ මේ පලයන්කෝ යකෝ.කුනුහරප කියන්නේ නැතුව."

ඒ පාර මේ යකා මන් ලගටම ඇවිත් මගේ උරහිස හොල්ල හොල්ල තව කුනුහරපයක් කියනවා.

"උබට දැන් මේක කුනුහරපයක්ද?
ඇත්ත කියපන් යකෝ.ඇත්ත කියපන්. උබට මන් කවුද?"

 සිව් -𝑻𝒐 𝑴𝒐𝒐𝒏 (𝐵𝐿)𝐹𝑎𝑛𝑓𝑖𝑐Where stories live. Discover now