6. මඩ ගොඩක ඉන්න පුන්චි පනුවෙක්

80 3 24
                                    

"අහෝ දුකකි, ඉරකි තිතකි ...!!]
අපිට මකැයි මේ උනේ තෝර් අයියේ"

ඌත් හොද පවුලක කොල්ලෙක් ,ඉන්න හැටියෙන් මට කියන්න පුලුවන්. අදට අපි ඩේහෝ වලට ඇවිත් සතියක් වෙනවා, ඉගෙන ගත්ත ලබ්බක් නෑ, හරියට කෑමක් බීමක් වත් නෑ , අර හරූ කියන එකී, මට එකී පෙන්න බෑ, මන් ඔය හදේ වාදේ බම්බුව ඉගෙන ගත්තට පස්සේ ඔකිට විරුද්දව නඩු දානවා, පුරුස හින්සනය යටතේ, මගේ නම දැන් කායි. දනවත් පවුලක අහින්සක කොල්ලෙක් මන් ෆීලික්ස් නෙවේ දැන්.

මායි තෝර් අයියයි , වලන් හෝදනවා, හැමදාම උදේට, ඉටපස්සෙ පුස්තකාලය අස් කරනවා, හියුනජින් , ඒකා නෑ, උට දැන් හරි ගිහින්, ඌ වැඩ කරන්නේ එමීර් ලග,

"ඈ, බන් තෝර් අයියේ, අපි මෙහේ ආවේ වහල් වැඩටද?"

අතේ තිබ්බ පිගාන දොග් ගාලා වතුර බේසමට ඇතෑරලා මන් ඇහුවා.

"අනේ මන්දා බන්"

මායි තෝර් අයියි දැන් යාලුයි , අපි එක කාමරේනේ ඉන්නේ , අපි තුන්දෙනාම,හරූගේ වැඩ කරනේ අපි දෙන්නා, ඒකි අපිට උගන්නේ නෑ , එක එක වැඩ කියනවා මිසක්, එතකොට මහ ලොකුවට උඩදාගෙන එමීර් කාරයා ලගට ගියපු හියුනජින් , ඌ කියලා වෙනසකුත් නෑ. එමීර් කියලා හියුනජින් හරි දස්සයාලු , උගන්න දෙයක් නෑ ලු, වැඩක් පලක් කරගෙන ඉන්නලු, ඉතින් ඒකා එමීර් පස්සේ යනවා දවසම , හරියට එමීර් ගේ උපදේශකයා වගේ. නෑ..ඔකා ගොටු අල්ලනවා ඔය , මන් නේ දන්නේ ඕකගේ හැටි

ඒකට පලවෙනි දවසෙම හරූ අප්පිරියා වෙලා, අපිටත් අපිරියයි තමා. ඒත් මේ මගුල ඉගෙන ගන්න ඔනේනේ, ඌ හිතාගෙන ඉන්නෙ කොහොම හරි එමීර්කාරයාගේ හිත දිනාගෙන හදේ සීන් එක ඉගෙන ගන්න.

මොනා උනත් ඌ පව්. මොකද මේ වෙලාවේ වැඩිම අගතියටපත් වෙලා ඉන්නේ ඒකා තමා, ඔය හදේ සීන් එක ඉස්සෙල්ලා ම පටන් ගන්තේ ස්පෝක්ස් වල,
"හද හැදිලා තියෙන්නේ චීස් වලින්", ඔක ඉස්සලම පටන් ගත්තෙ එහේ,

හියුනජින් කියන්නේ ඇරිස්ටෝටල්ගේ පවුලේ කෙනෙක්, අපේ ප්‍රදාන ගුරුකුලය වෙච්ච ඇතැන්ස් පවා පටන් ගන්නේ ඇරිස්ටෝටල්. මිනිස්සු ඒ නිසා ඇරිස්ටෝටල් සලකන්නේ දෙවියෙක් විදිහට. ඒ කාලේ ඇරිස්ටෝටල් "මිනිස්සු බිත්තර දානවා" කිව්වත් මිනිස්සු ඉස්මුදුනින් පිලිගත්තා. ඉතින් හදට යන හැටි කියෙවෙන හදේ වාදේ ගැන ඉගෙනගන්න මිනිස්සු ස්පෝක්ස් වලට එන්න පටන්ගත්තෙත් ඉටස්පස්සේ. ඉතින් ඔය ප්‍රශ්නය දිහින් දිගටම වැඩි වෙලා වසන්ගතයක් වගේ පැතිරිලා වෝල්ගාවට, ඇතැන්ස් වලට තව ගුරුකුල කිපයකටම ප්‍රශ්නයක් උනා.ඒත් තාම ඩේහෝ වලට ප්‍රශ්නයක් උනේ නෑ.

 සිව් -𝑻𝒐 𝑴𝒐𝒐𝒏 (𝐵𝐿)𝐹𝑎𝑛𝑓𝑖𝑐Where stories live. Discover now