⛓️ Chapter 05 ⛓️

Start from the beginning
                                    

" මන් එයාව මැරුවෙ නැත්තෙ ඇයි දන්නවද ? මොකද මට එයාව ඕනේ.කිම් ටේහ්‍යුන් කියන්නෙ ගොඩක් හොට් ඒ වගේම සෙක්සි කෙනෙක්.මට එයාව මරන්න හිත දෙන්නෙ නෑ.මන් හිතුවෙ ටේහ්‍යුන් එක්ක එක පාරක් එන්ජෝයි කරලා එයාව මරන්න."

" තමුසෙ කොහොමද මන් ඉස්සරහ මගෙ හ්‍යුන් ගැන ඒ විදිහට කතා කරන්නෙ."

ජන්කුක් තමන්ගෙ ගන් එක ඒ මනුස්සයට දික් කරන ගමන් එහෙම කියනකොට කොල්ලගෙ ඇස් වල තිබ්බෙ ගොඩක් ලොකු කේන්තියක්.ජන්කුක්ගෙ අතින් මේ වෙලාවෙ ශූට් වෙන්න වුනත් පුලුවන් වුනා තමා කෙනෙක් ඇවිත් ජන්කුක් ගන් එක අල්ලන් ඉන්න අත අල්ලගත්තෙ.

" අතාරිනවා මාව.අද මන් මූව මරනවා.මූ කොහොමද හ්‍යුන්ට ඒ විදිහට කතා කරන්නෙ."

" මූව මැරුවා කියලා ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ.මූව එව්වෙ කවුද කියන එකයි දැනගන්න ඕනේ.මුගෙන් මොනාඇහුවත් මූ කියන්නෙ නෑ.මුගෙන් ඇත්ත දැනගන්න එක විදිහයි තියෙන්නෙ ජේකේ."

ජන්කුක් එහෙම කියලා තමන් ලග ඉන්න කෙනා දිහා බලනකොට ඒ කෙනා ජන්කුක්ගෙ අතේ තියෙන ගන් එක තමන් ලගට ගත්තා.

" ටේහ්‍යුන් සම්බන්ද දේවල් වලදි ඔයාගෙ ඉවසීම නෑ.මන් මේක බලාගන්න."

ඒ කෙනා එහෙම කියන ගමන් ජන්කුක්ව ඇදන් එළියට ගියේ බේස්මන්ට් එකෙන් එළියෙ ඉන්න ගාඩ්ල ටිකට ඇතුලට යන්න කියන ගමන්.
ජන්කුක් එක්ක ගිය ඒ කෙනා බේස්මන්ට් එකේ අනිත් පැත්තට ගියා.බේස්මන්ට් එකේ එක පැත්තකට බිත්තියක් වීදුරු වලින් තිබ්බ නිසා ඇතුලෙ වෙන දේ හොදටම එළියෙ ඉන්න දෙන්නට බලාගන්න පුලුවන් වුනා.
බේස්මන්ට් එක එහාපැත්තෙ තිබ්බෙ පොඩි කන්ට්‍රෝල් රූම් එකක්.දෙන්නම ඒකට වෙලා තමයි ඇතුලෙ වෙන දේ බලන් හිටියෙ .

වීදුරුවෙන් ඇතුල බලන් හිටිය ජන්කුක් ඒ වෙලාවෙ දැක්කෙ තමන්ගෙ ගාඩ්ලා බිම වැටිලා හිටිය මනුස්සයට මොනාහරි ඉන්ජෙක් කරනවා දැක්කෙ.

" ජිමින් හ්‍යුන් ඔයා මොකක්ද කරන්න කිව්වෙ ? "

ජන්කුක් එහෙම ඇහුවෙ තමන්ගෙ එහාපැත්තෙ ඉන්න ජිමින්ගෙන්.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
⛓️ᗪᗩᑎGEᖇ (Oᑎ GOIᑎG)Where stories live. Discover now