ඉතින් අපි ගිහින් හිටියෙ VVIP area එකට...හයිබ් එකේ body guards ල වටේට රැකවල් දාගෙන ඉද්දි තමා අපි ෆන් එකක් ගත්තෙ.අද මට තියෙන දුක අමතක වෙන්න බොන්න හැදුවත් ඊට පස්සෙ ලිමිට් එක පැන්නොත් එහෙම මන් මොනවයින් මොනවා කරයිද,කියයිද කියලා හිතාගන්න බැරිවෙන නිසාම මන් ඒ අදහස අතඇරලා දැම්මා...අනිත් අය නම් මට ෆුල් ට්‍රයි එක දානවා ඩ්‍රින්ක්ස් ගන්න,ස්පෙශලි හනා තමා...ඒකිට නම් එක වීදුරුව ගත්තත් ඩෝප් වගේ...හහ්!කතාව නම් බෝතල් පිටින් බොන්න...හිනාත් යනවා මෙව්වා දැකලා...

හික්~ඔලී සුඩු මැනික මගෙ- ඇත්තටම උබ-හික්~උබ ගැන මට පට්-ට සතුටුයි හික්~ මා...රෙම සතුටුයි...

අනේ මන්දා බොන්න බැරිනම් නොබී ඉදුකෝ මෙතන මට කිස් දෙන්නත් යනවා...ඕවා දීපන් උබේ කොල්ලට මට නෙවෙයි

කොල්ලෙක්!හහ් මට මොටද කොල්ලො උබ ඉද්දි ආආආහ්!!!!උබ හික්~ වගේ මැනිකක් ඉද්දි...

මෙන්න මේකි මූනත් බෙරි කරගෙන අඩන්න හදනවා...

ඒත් බන්...ඒත් උබ හික්~උබව එකෙක් අරන් යන්න බල- හික්~බලන් ඉන්නෙ අඩෝව්!!!
උබව...උබව අරන් යන්න බලන් ඉන්නෙ කහපාට තඩි කුරුල්ලෙක් යකෝ!!!මෙන්න සයිස් උගෙ පොල්-හික්~න් නෑ නෑ පිහාට්ට...ඌ උබව මගෙන් අරන් යන්න හදනවා උබට දුක නැද්ද යකෝව්!!!!ආආආආආආආආහ්!!!!ඈඈඈඈඈඈඈඈඈඈඈහ්!!!!

මොකද්ද ඒ කුරුල්ලගෙ කතාව ඇත්තටම...හයියෝ ඊට වඩා හපන් මේකිගෙ ඇඩිල්ලෙ සද්දෙ...අන්තිමේ කෝම හරි හනාව හොටෙල් එකට ගිනියන්න සොන්ග් ශී තව උන්නි කෙනෙකුයි ලෑස්ති උනා...මේ වෙද්දි නම් අනිත් අයටත් හොදට වැදිලා තිබ්බෙ ඒ නිසාම අනිත් අයත් එතනින් යන්න ලෑස්ති වෙන ගමන් හිටියෙ...ඒත් මන් දැක්කෙ නෑ චිම්ව මේ හරියෙ...සාමාන්‍යයෙන් එයා ඉන්න ඕනිනෙ මේ හරියෙ ස්ටාෆ් එකට තෑන්ක්ස් කරන්න...කරන්නම දෙයක් නැති තැන මන් පොඩ්ඩක් ඇවිදලා හොයන්න පටන් ගත්තා.අපි ඉන්නෙ මේ බිල්ඩින් එකේ උඩම ෆ්ලෝ එකේ නිසා පල්ලෙහා තියෙන dj එකේ සද්දෙත් ඇහෙනවා.ඔහොම බල බල යද්දි වීදුරුවක් කුඩු වෙන සද්දයක් කාමරයක් අස්සෙන් ඇහුනා.මන් ඒ සද්දෙ ඇහිච්ච කාමරේ ලඟට ගිහින් දොර ඇරලා බැලුවා

Unexpected wishजहाँ कहानियाँ रहती हैं। अभी खोजें