දාහත්වන හිමිවීම 💙

1K 160 33
                                    

තවත් අලුත් දවසක්...... උදේ වරුවම පොත් පත් වල වැඩ කරගත්තු සනුත් හවස 5 වෙනකොට දෙහිවල Uber Eats එක ළඟට ගියේ අර්ධ කාලීන රැකියාවේ පළවෙනි දවස සනිටුහන් කරන්නයි.....

කළමණාකාර සිරිවර්ධන මහත්තයාව මුණ ගැහුණු සනුත් ඊළඟට සිරිවර්ධන මහත්තයත් එක්කම ගියේ බෙදාහැරුම් කණ්ඩායම (Delivery Crew) අඳුනගන්න...... තරුණ තරුණියන් කීප දෙනෙක් යුහුසුලුව වැඩ කටයුතු කරමින් හිටපු බෙදාහැරුම් අංශය කඩි ගුලක් වගේ.....

ලැබෙන දුරකතන ඇමතුම් වලට ප්‍රතිචාර දක්වන්න.... අන්තර්ජාලය හරහා එන මාර්ගගත ඇණවුම් ලබාගන්න.... ඇනවුම් පිටත් කරන්න..... එකී මෙකී නොකී වැඩ සියල්ලම සිදුවෙන හැටි එක පාර ග්‍රහණය කරගන්න අපහසු වුණත් පුළුවන් තරම් හැකි විදියට වැඩ කටයුතු කරන්න සනුත් ඉටා ගත්තා....

"Attention Guys.... We have a new member Here.... This is Sanuth and Sanuth this is the Delivery Crew...."

කඩි ගුලක් වගේ වැඩ කරමින් ඉඳපු සාමාජිකයන් ගේ අවධානය ගන්න අත්පුඩියක් ගහපු කළමණාකාරතුමා සනුත්ව හඳුන්වා දුන්නා......

"Sanuth... This is Mr. Theekshana... and He is the Supervisor here... He will tell you what to do..... Good Luck Sanuth"

"Thank You Sir...."

එතැනට ආව උස මහත තරුණයෙක්ව හඳුන්වා දෙමින් කළමණාකාරතුමා සනුත්ට සුබ පතාගෙන එතැනින් ඉවත් වුණා....

"හෙලෝ සනුත්.... මම තීක්ෂණ.... මම තමයි මේ සෙක්ශන් එකේ මේ ශිෆ්ට් එකට සුපර්වයිසර්..... කොහොමද ඉතින්?"

"හොඳින් ඉන්නවා සර්...."

"සර් කියන්න ඕනි නෑ ..... පහසු විදියකට කතා කරන්න.... නම කියලා හරි.... නැත්තම් අයියා කියලා හරි...... සනුත් ෆුල් ටයිම්ද පාට් ටයිම්ද...."

"පාට් ටයිම් තීක්ශණ අයියේ...."

"තව ජොබ් එකක් කරනවද.... ඉගෙන ගන්නවද.... "

"ඒ ලෙවල්ස් කරන ගමන්...."

"ම්ම්ම්ම්..... ඕකේ.... හරි සනුත්.... මෙහෙමයි මෙතන වැඩ සිද්ධ වෙන්නේ....."

පොඩි කතා බහකින් පස්සේ තීක්ෂණ විසින් සනුත්ට ආයතනයේ වැඩ සිද්ධ වෙන හැටි වගේම.... තමන්ගේ ශාඛාවට අදාළ සීමා ප්‍රදේශයන්...... ඒ වගේම මාර්ග සිතියම් පාවිච්චි කරන ආකාරය ඇතුලු සියල්ල ඉතා කෙටියෙන් සවිස්තරාත්මකව පැහැදිලි කරලා දුන්නා.....

හිමි අහිමි 💙 Completed ✔Onde as histórias ganham vida. Descobre agora