🌈️Chapter 10

Mulai dari awal
                                    

"ඇදුම්?"

මං අහද්දී එයා හිනා වෙවී දොර ඇරගෙන බැස්සා...මාත් ඉතින් බෑග් එකත් එල්ලගෙනම බැස්සා..වාහනේ ඇතුළට වෙලා මොනා කරන්නද? අනික මං කරුවල තැන් වල ඉන්න කැමති නෑ....ඉතින් අපි parking එකෙන්ම lift එකට ගොඩ වුණා..එයා floor number එක දුන්නේ 32 කියලා...මාත් ඉතින් දොර ඇරෙනකන්ම බලා හිටියේ....මේක මහ slow නේ අප්පා...පඩි පෙලේ ගියා නම් මෙළහට මං rooftop එකේ..ඇත්තටම මේකේ උඩම floor එක කීයද දන්නේ නෑ....🤔

"එන්න.."

එයා ඉස්සර වෙද්දී මත් ඉතින් එයා පස්සෙන් හෙමිට වටපිට බලමින් ගෑටුවා...මේ මගේ පළවෙනි වතාව Altari apartment complex එකට ආපූ...පට්ට මෙතන නම්...දැක්කාම ආස හිතෙනවා...මේක Altari එක කියලා දැක්කෙත් lift එකේ නම ගහලා තිබුනු නිසා..නැත්තම් ඉතින් මෙච්චර ඇදට තියෙන බිල්ඩිම් මං දැක්කේ නෑ නේ...

එයා ඉස්සරහින් යද්දී මාත් ඉතින් හෙමින් පිටි පස්සෙන් ඇදුණා....ඒ කොරිඩෝ එකේ කොනට වෙන්න තිබුනු දොරක් ළග අයියා නැවතුණා...බිමට දාලා තියෙන කාර්පට් එකේ ඉදන් මට උඩින් තියෙන ලයිට් එක වෙනකන්ම වට පිටාවේ තිබ්බ හැම දේම high class දේවල්...කොහොමත් මේකේ ඉන්න ඔක්කොම මිනිස්සු high class මිනිස්සුලූ...අනේ කොහෙත් මිනිස්සුනේ..මොකටද උන්ට class එකක්...පොඩ්ඩක් සල්ලී අඩු වැඩි වුණා කියලා..උන් high class වෙලා අපි 3rd class වෙනවා ද? හාහ්...ඉන්නවාකෝ මේ අහස් කවද හරි super high class වෙනවා...ඔව්..මේ ඇත්තමයි...

"අහස් එන්න.."

එයා දොර ඇරගෙන ඇතුළට ගිහින් කතා කරද්දී මාත් වටපිටාව බලන එක නවත්තලා ඇතුළට ගියා...ගිය හැටියේ ඒ කොරිඩෝ කොටසේ ලයිට් පත්තු වුනා....එතනින් ඉස්සරහට යද්දී දිගටම තියෙන ligth ඉබේ පත්තු වුනා...

"වාව්..."

Tv lobby එකේ ඉදන් kitchen එක වෙනකන්ම පේන දිග තීරුවේ හැමතැනම මගේ ඇස් එහෙ මෙහෙ ගියා...කියන්න වචන නෑ....එතන ලස්සනයි...අමුතුම නිදහස් ගතියක් තියෙනවා...ඒ ඔක්කොටම වඩා මට ආස හිතුනේ නිල් පාට මුලු අහසම පෙන්න හදලා තියෙන glass wall එකට...කර්ට්න් ඇරල දාලා නිසා දවල් අව්ව ගේ ඇතුළට වැටිලා තිබුනත් ගේ ඇතුලේ තියෙන සීතලත් එක්ක ඒක නම් දැනුනේ නෑ..මං glass wall එක ළගට ගියා නෙවෙයි පියැබුවා...අභිරුට පියාබන්න bmw ඕනි වුනාට..මේ අහස්ට කකුල් දෙක හොදටම ඇති...

~🌈️වර්ණ🌈️~ (TK Non Fanfiction )Tempat cerita menjadi hidup. Temukan sekarang