❤️ Episode 9 ❤️

17 5 11
                                    

සිද්ද උනු කිසිම දෙයක් හිතාගන්න බැරුව සුහෝ ඉදගත්තෙ පුටුවක් උඩින්... කියාගන්න බැරි තරම් ප්‍රශ්න වලින් ඔලුව පිරිලා තිබ්බා.. ඒ උනාට මුලින්ම ගෙදර යමු කියලා හල්මොනි කිව්ව නිසා තමන්ට ඔනි වටින දේවල් ටික විතරක් අරන් කට්ටියම වාහනේට නැග්ගා.. පාරවල් අතරින් ඉස්සරහට යන වාහනේ කවුලුවෙන් එලිය බලාගෙන සුහො ගියෙ දේවල් කල්පනා කර කර.. එවෙලෙ අදුරන කෙනෙක් පාරෙ ඇවිදන් යනව සුහො දැක්කා ඒ වෙන කවුරුත් නෙමේ යුමි..  සුහො වාහනෙ නවත්තන්න කිව්වත් හල්මොනි එයාගෙ අතින් ඇල්ලුවෙ දැන් ඒකට වෙලාව නෙමේ කියලා...

"ඒත් හල්මොනි එයා බය වෙලා ඇති උනු දේත් එක්ක.."

සුහො හල්මොනීගෙ මූන දිහා බලන ගමන් ඇහුව..

"අනි සුහොයා දැන් අපි මුලින් මේ දේවල් බලාගන්න ඔනි.. ඔයාට පුලුවන් අපි හොදින් කියලා එයාට text කරන්න.. එත් ටිකදවසක් යනකල් හම්බ වෙන්න යන්න එපා..."

සුහො එක පාරම බැලුවෙ හල්මොනි දිහා පුදුමෙන්..

"අනි හල්මොනි ඔයා මට යුමිව හම්බෙන්න එපා කියන්නෙ ඇයි ... මේ දෙවල් නිසා මන් එයාව අයින් කරන්න ඔනිද..?"

හල්මොනි ලොකු සුසුමක් හෙලුවෙ කතා කරන්න කලින්..

"එහෙම දෙයක් නෙමෙ ඒ උනාට ඔයාට ටික දවසක් එහෙම ඉන්න වෙනවා.. "

සුහෝට තව මොකුත් කියන්න උනෙ නැත්තෙ කාර් එක ලොකුම ලොකු luxury house එකක් ඉස්සරහා නැවැත්තුව නිසා..ඒක දිහා බලන් සුහෝ හිතුවෙ මේ ගෙදර හැම තැනකටම ගිහින් බලන්න මාසයක් වත් යයි කියලා.. මේකෙ යාලුවො ඔක්කොමයි පවුලෙ අයවයිත් ගෙනත් තියාගන්න පුලුවන්නෙ කියලා..

ඇතුලට ගියාට පස්සෙ සුහෝව මුලින්ම එක්කන් ගියෙ එයාගෙ රූම් එකට..

Suho pov

වහ් මේ රූම් එක ශෝක් ඒත් මන් මෙවගේ ලොකු එව්වට ආස නෑනෙ... අල්මාරියෙ මට ඇදුනුත් තියෙන්නෙ කවද්ද මෙයාලා මගේ size මැන්නෙ.. මන් හල්මොනි එක්ක ඉද්දි මට ගන්න ආසාවෙන් හිටපු හැමදේම හල්මොනි ගෙනල්ලා මගේ රූම් එකෙන් තියලා.. නැ මන් කියන්නෙ මන් කොහොමද දැන් මේකට respond කරන්න ඔනි..මේක හොදයිද නැත්තන් නරකයිද...මන් තරහා ගන්න ඔනිද මෙහෙම දෙයක්තිබිලත් මන් අව්රුදු 20ක් එච්චර දේවල් දරාගත්ත නිසා... ඒත් එහෙම කරන්න හේතුවක් තිබුන නිසා මන් බොරුවට තරහා ගන්න ඔනි නැ...
එක පාර අහසින් කඩන් වැටුනා වගේ company  එකකුයි  ගෙවලුයි ඇදුනුයි. හරියට නිකන්  drama එකක් වගේනෙ... 🤕🤕 බලමුකො මොකද වෙන්නෙ කියලා මන් මොනව උනත් හල්මොනී කියන දේ අහනවනෙ...

You've reached the end of published parts.

⏰ Last updated: Feb 26 ⏰

Add this story to your Library to get notified about new parts!

Summer Love ❤️🌼😘 [Ongoing]Where stories live. Discover now