❤️ Episode 1 ❤️

147 18 293
                                    

එක දිගට කොල හැලිලා ලස්සන උනු පටු පාරක් දිගේ කෙනෙක් දුවගෙන යන්නෙ හැමදාම කරනව වගේ පාර දෙපැත්තෙ ගෙවල් වල අයත් එක්ක සතුටින් කතා කරන ගමනුයි.💝. ඉර බැහැගෙන යන්න ලන්වෙලා තියෙන අහසෙ තියෙන්නෙ මාරම ලස්සනක්.. ගෙවල් ගොඩක් අස්සෙන් දුවගෙන යන ගමන් එයා ඒ අහසේ සුන්දර දර්ශනේ විදින්න ගත්තා.. 😪❤️

ගෙවල් ටික පහු කරගෙන ටිකක් දුරක් අතුරු පාරක් දිගේ ගිහින් එයා යන්න ගත්තෙ ගල් වැටියක් තියෙන පැත්තකටයි.. ගල් වැටිය පහු කරලා ටිකක් දුර ගිහින් එතනම බිම වැල්ලෙ ඉදගෙන ඉස්සරහින් පේන දර්ශනෙ දිහා බලන් හිටියෙ හැමදාම දැක්කත් කවදාවත් එපා වෙන්නෙ නැති දෙයක් දිහා බලන් ඉන්නව වගෙ දිලිසෙන ඇස් දෙකකින්.. ❤️ ❤️
දනිස් දෙක අත් දෙකෙන් පටලගෙන ඈත තැබිලි පාටට පේන ක්ෂිතිජයේ ගිලෙන ඉර දිහා බලන් හිටියෙ හිතට විනාඩි ගානක නිදහසක් දැනෙද්දි..
ජීවිතෙ කොච්චර අමාරු උනත් මෙ වගේ වෙලාවකට ඒ හැමැදේම එයාට අමතක කරන්න පුලුවන්.එක මොහොතකට උනත් ඒක හුගක් වටින හැගීමක් උනා එයාට... 😟

මිනිත්තු පහලවක් විතර මුහුදු හුලගෙන් හිත තෙත් කරන් එතනින් නැගිට්ටෙ එයා එනකල් ගෙදර කෙනෙක් බලන් ඉන්න බව එයා හොදටම දන්න නිසයි.. ඒ එයා මේ ලෝකෙන් වැඩියෙන්ම ආදරෙ කරන කෙනා.. ❤️❤️

වෙරල දිගේ ටිකක් දුරක් ඇවිදන් ගිහින් එයා ඇතුලු උනෙ වෙරලගාවට වෙන්න ලී වලින් හදල තිබුනු පුන්චි ගෙදරකට..

🐰 හල්මොනි...මන් ආවා...

👵 ඕ...ඔයා ආවද ඇයි අද පරක්කු උනේ.. මන් බලන් හිටිය..

🐰දෙයක් සිද්ද උනා ඒකයි...

👵මොකක්ද සිද්ද උනෙ මට කියන්න..

🐰මාව රස්සවෙන් අස් කලා හල්මොනි.... මගෙ එහාපැත්තෙ වැඩ කරපු කෙනා අතින් මැශින් එකක් බිම වැටිලා කැඩුනා.ඒකට අහු උනේ මාව...

👵අහ් අදුල් දැන් ඉතින් මොනව කරන්නද.. එත් ඔයා කිවෙ නැද්ද ඒක ඔයාගෙ නෙමෙ වැරැද්ද කියල

🐰කිව්වා ඒත් විශ්වාස නැ.. දැන් මන් මොකක්ද කරන්නෙ හල්මොනි.. අද මගෙ මාස පඩිය හම්බෙන්න තිබ්බ දවස ඒකත් හම්බුනෙ නැ.. 😥😢

Summer Love ❤️🌼😘 [Ongoing]Where stories live. Discover now