"..ඇ..ඇග....උඩ දග්..දගලන්න එපා අහස්..."
"අහ්හ්?"
මං දැගලුවේ නෑ මට ඕනී වුනේ මෙතනින් නැගිටින්න...මං භිතන්නේ මූට මගේ බර දරන්න බෑ වගේ...අම්මෝ අම්මෝ...😂 මං එයාගේ උරහිස ලගින් බිමට අත තියලා නැගිටින්න ගියත් එයාගේ කටින් කෙදිරිල්ලක් පිට වුණා.....
"අ..අහස්...එක විදියකට ඉන්න.."
"අත ගන්නවාකෝ අයියේ...තමුසෙට අමාරු නම් නැගිටින්න.."
මං එහෙම කියලා මගේ ඉණ වටා එතිලා තිබුනු එයාගේ අත අයින් කරලා නැගිටින්න ගියා...
"අහ්හ්..කකුල ගන්න අහස්.."
කකුල?
මගේ...?
මං ඔලුව පහළට කරලා කකුල් දිහා බැලුවා..
හුටා...මගේ කකුල් රාජයා කොහෙට මේ ගිහින් තියෙන්නේ.ශිට්..ඒකද මේකා මේ කෙදිරි ගාන්නේ..ශිට්....මගේ මූණ රත් වෙනෝ වගේ නේ...මගේ දණහිස කෙලින්ම එයාගේ කකුල් මැද තද වෙලා...හරි නේ..මං නැගිටින්න යද්දී දණහිස තව තද වෙන්න ඇති....මූනෙ අනාගතේ මස්සිනා අතින්ම අදුරු වුනාද මංදා...කාටද පාඩු...දෙවියනේ මගේ අක්කාට නේ...මං ඉක්මනින් කකුල අරගෙන එතනින් පැත්තක වෙද්දී එයත් බිමට වාරු වෙලා හෙමින් ඉද ගත්තා...
"සොරි..ම්..මං හිතලා කරේ නෑ අයියේ..."
"It's okay...අහස්..."
ඌ එහෙමම සෝෆා එකට පිට හේත්තු කර ගෙන එක අතකින් කොන්ද ලාව අල්ලා ගත්තා...ඌට සෑහෙන්න ඩැමේජ් වගේ...වෙන්න ඇති...මාත් හොදට කාල බීලා ඉන්න තරුණ කොල්ලෙක් නේ...අවසානෙට බර මනිද්දිත් කිලෝ 60ක් විතර හිටියා..හැබැයි ඒ දහය වසරේ විතර...දැන් ඊට වැඩි ඇති...කෙට්ටු වුනාට ඉතින් බරයි..කටු බරයිලුනේ..කොල්ලෝනේ...
"අනාගතය අදුරු වුනේ එහෙම නෑ නේ.."
"Nope ඒත් උබ ඒ විදියට දගලලා කළා නම්...~"
ඌ කියන්න ගිය දේ නවත්තලා මං දිහා බලලා ආයේ අහක බලා ගත්තා...
"එක්කෝ ඕනි නෑ...ඒක නෙවෙයි house meet එක ළගයි නේද?"
"මොකක්ද කියන්න ගියේ..."
මං අහද්දී මුකුත් නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුව අයියා ඔරලෝසුව දිහා බැලුවා...අහ්හ් අක්කා නැතුව පාලුයිවත් ද?
أنت تقرأ
~🌈️වර්ණ🌈️~ (TK Non Fanfiction )
قصص الهواة~මට ඔබ කැමති සෑම වර්ණයක්ම විය හැකියි.~ 🌈️ වර්ණ🌈️
🌈️Chapter 08
ابدأ من البداية