"ඒ නුරායා ඔයාගේ ඩ්‍රෙස් එක ඇවිත්. මේක ඇඳලා එනවා රියසල් එකට ඉක්මනට."
"කෝ දෙනවා."
"සෞම්‍ය ආ මෙන්න තියෝගේ ඇඳුම. ඔයත් ගිහින් ඇඳන් එන්න."
අන්තිම පුහුණුවීම, කලා උළෙලට පෙර දවස. පවනි දීපු ඇඳුම් ඇඳගෙන මමයි එයයි ආවා ස්ටේජ් එකට. කියන්නට තිබුණු දෙබස් අපි දෙන්නට හොඳටම මතකයි. කලින් තිබුණු පුහුණුවීම් වලදි අපිට එක දෙබසක්වත් වැරදුණේ නැහැ. ඒත් සුදු අත් දිග වින්ටේජ් කමිසෙ එක්ක උඩ බොත්තම ගලවලා එයා මං දිහා බලන් හිටියා, පතුලක් නොපෙනෙන ඒ ගැඹුරු ඇස් වලින්. DNA මොනතරම් පුංචි උනත් මහ ගොඩක් දේවල් ඒ පුංචි අණුව ඇතුලේ ගුලි වෙලා තියෙනවා. දන්නවද එදා සෞම්‍යගේ ඇස් වලත් ඒ විදිහටම ගුලි උන මහ ගොඩක් හැඟීම් මම දැක්කා. ඒවායෙන් බහුතරයක මම හිටිය බව සහතිකයි. ඒ ඇස් වලින් අනන්ත වතාවක් මට ආදරය ප්‍රකාශ කලා, මට තේරුණා.
සුදු අත් දිග වින්ටේජ් ගවුමක් ඇඳගෙන හිටිය මං දිහා සෞම්‍ය එයාගේ ආදරය පිරිච්ච ඒ මනමාල ඇස් වලින් බලන් උන්නා. ඒ පුහුණුවීම අපිට අපේ දෙබස් අමතක කරලම දැම්මා. මොකද ඒ ඇස් ගැටීමත් එක්ක අපි අපේ ලෝකෙක තනි උනා. තියෝ ඇමීලියා යටපත් වෙලා සෞම්‍ය නුරායා මතු උනා.
සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය, කූලෝම් නියමය මේ යනාදි ආකර්ෂණ බල වලට අදාල හැම නියමයක්ම ඒ මොහොතෙදි දෛවයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වෙන්න ගත්තා. අපි තව තවත් එකිනෙකා වෙතම බැඳෙන්න පටන් ගත්තා.
මුලු වටපිටාවම එක පාරටම නිහඬ වෙලා ගිහින් මෘදු හුළඟක් මේන් හෝල් එකේ ජනෙල් වලින් ඇතුළු වෙලා හෝල් එක පුරාවටම කරක් ගහන්න ගත්තා. මගේ කලු කොණ්ඩ කැරලි ඒ මේ අත දඟලද්දි ඔයාගේ කළු පාට ඇස් ඒත් එක්කම පැද්දුන බව මම හොඳටම දැක්කා.
YOU ARE READING
Someone I can't forget (COMPLETED)
Teen Fictionඋදෑසන, දහවල, සැන්දෑව මොනතරම් සුන්දර උනත් රාත්‍රියත් එලෙසටම සුන්දර වේයැයි සිතිය හැකිද? ඒ රැය සඳ නැති අමාවකක් විය නොහැකිද? ආරම්භය සුන්දර වූ පමණින් අවසානය සතුටු දායක වෙනවා නම් මොනතරම් අපූරුද? ඒත් රෝමියෝ ජුලියට් වගේ ආදර කතා ඇතිවෙන්නෙම හද පාරන අවසානයක් ද...