05

300 42 68
                                    

තවත් දවසක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තවත් දවසක්...

13 වසරේ දෙවෙනි වාරය..
ශිෂ්‍යත්වෙන් පස්සේ මේ ඉස්කෝලෙට එන කොට මම කවදාවත් හිතල තිබුණෙ නැහැ කවදමහරි මේ ඉස්කෝලෙට සමු දෙන්න වෙන වගක්. හුදෙක් රොබරෝසියා ගස් පිරිච්ච, එංගලන්ත ක්‍රමයේ ගොඩනැඟිලි පිරිච්ච එක බිම් කොටසක් නෙවෙයි මේ පාසල මට. මේක මගේ ජීවිතයේ හරි අපූරු පරිච්චේදයක්. මේ හැම කොනකම මොකක්මහරි මතකයක් ගුලි වෙලා තියෙනවා. ප්‍රේමණීය හමුවීම් වල මූලස්ථානයක්. මගේ ජීවිතයේ මේ ඉස්කෝලෙ කොච්චර මට වටිනවද කියන එකට උත්තර දෙන්න ගියොත් කවදා කොහොම ඒ උත්තර කෙලවර කරන්නද කියලා මම දන්නෙ නෑ. 6 වසරෙ ඉඳලා 13 වසරට වෙනකන්. අප අවට වටපිටාව පරිසරයයි. පළවෙනි විද්‍යාව පාඩම. එතන ඉඳලා අද තියන යාන්ත්‍ර විද්‍යාව, තාපය, ආලෝකය, සමතුලිතතාව, දුස්ස්‍රාවී තාවය, පෘෂ්ඨික ආතතිය, ශාකයක ද්වීතික වර්ධනය, අණුක ජීව විද්‍යාව වගේ කවදාවත් අහලවත් නැති බරපතල මට්ටමේ විද්‍යාවල් වෙනකන් අපි ආපු ගමන මොන තරම් දිගද? ඒ දවස් වල ක්ෂුද්‍රජීවීන් කවුද කියලා ඇහුවම අපි දෙන උත්තර මතකද?

"Amoeba"
"Paramecium"
"Chlamydomonas"

ක්ෂුද්‍රජීවීන් කියලා දැනගෙන හිටියෙ ඔච්චරයි. ඒත් දැන් ක්ෂුද්‍රජීව විද්‍යාව විදිහට වෙනමම පාඩමක්. ඒකෙ සයනොබැක්ටීරියා, බැක්ටීරියා, වයිරස වලින් පටන් අරන් ප්‍රියෝන, වයිරොයිඩ, මයිකොප්ලාස්මා, ෆයිටොප්ලාස්මා වගේ ජීවිතේට අහපු නැති ඈයොත් ඉන්නවා.

අපි මොනතරම් දැනුමින් පරිණත වෙලාද? ඒත් අදටත් අර ක්ෂුද්‍ර ජීවීන් තුන්දෙනෙක් විතරක් දැනගෙන හිටිය අතීතයට මොන තරම් ආදරෙයි ද අපි. ඇත්තටම මිනිස්සු සංකීර්ණත්වයට වඩා සරල බාවයට හරි කැමතියි.

Someone I can't forget (COMPLETED)Where stories live. Discover now