01

832 94 45
                                    

"මැඩම්?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මැඩම්?"

ඈත අතීතයේ සුන්දර වූත් වේදනාකාරී වූත් මතක රැසකට උරුමකම් කියූ එක් කාල පරිච්ඡේදයක මං පාවෙවී සිහින දකිමින් ඉන්නා මොහොතේ මගේ රියදුරු, ජෝෂප් මට කතා කළේ වර්තමානයේ මා සිටි මෝටර් රථයටම නැවතත් මා කැඳවමින්.

"කියන්න ජෝෂප්"

"මැඩම් මං ප්‍රශ්නයක් අහන්නද? සමහරවිට අද මීඩියා කන්ෆරන්ස් එකේ අයත් මේ ප්‍රශ්නම අහන්න ඇති. එකම ප්‍රශ්නයකට දෙපාරක් උත්තර දෙන එකට අකමැතිනම් මැඩම් උත්තර නොදුන්නට කමක් නෑ."

"අහන්න ජෝෂප්, එකම ප්‍රශ්නය දෙවෙනි සැරේ අහද්දි කලින් පාරට වඩා සාර්ථක උත්තරයක් මට දෙන්න පුලුවන් වේවි."

මගේ පලවෙනි නවකතාව එළිදක්වා එන අතරේදියි ඔහු මේ ප්‍රශ්න අහන්නේ.

"මැඩම් ඉස්සර ඉඳන්ම කළේ චිත්‍රපට වලට කතා ලියපු එකයි ඒවගෙන් මේ ලෝකෙ බිහිවුණ ලස්සන චිත්‍රපටි හදපු එකයි."

"ඔව් ඒක ඇත්ත ජෝෂප් "

"ඒත් එකපාරටම නවකතාවක් ලියල දාන්න හිතුනේ ඇයි මැඩම්, හැමෝම බලාපොරොත්තු උනේ වෙනදා වගේම ලස්සන චිත්‍රපටියක් "

"සමහර කතා තියෙනවා ජෝෂප් ඒවා පැය දෙකක විතර ෆිල්ම් එකක ස්ක්‍රිප්ට් එකට කොටු කරන්න බැහැ. කෑලි කපලා කතාව කොට කරන්න කොච්චර උත්සාහ කලත් ඒ දේ කරන්න හදවත ඉඩ දෙන්නේ නැති. "

"ඇත්තටම මේක මැඩම් හදපු කතාවක්ම ද?"

"ඔව්!"

ඇත්තටම ඒක එහෙම ද?
අනේ නෑ, ඒ කාලේකට කලින් මම ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වෙච්ච සත්‍ය කතාවක්. අද මම කාර් එකේ යන එන මේ පාරවල් වල පයින් ඇවිදගෙන ගියපු ලස්සන කාලයක් තිබුණා. මට ඒ වෙද්දි නැති වෙන්න දේවල් තිබුණේ නෑ, ජීවිතය කියන්නේ අකමැති විභාග වලින් පිරුණු තිත්ත කසායක් කියල හිතාගෙන හිටපු කාලයක්.

Someone I can't forget (COMPLETED)Where stories live. Discover now