ෆිනොප්තලින්, මෙතිල් ඔරේන්ජ් මේවා හරියට මිනිස්සු වගේ. දර්ශක pH අගය වෙනස් වෙච්ච ගමන් පාට වෙනස් කරනවා. මිනිස්සු අපේ හොඳ නරක දෙකේදී එක එක විදිහට පාට වෙනස් කරනවා. ඒ අතින් ස්වාරක්ෂක වලට මම හරි ආසයි. මොකද එයාලා මාධ්‍ය ආම්ලික උනත් භාෂ්මික උනත් pH අගය වෙනස් නොකර එකම සීමිවක තියාගන්න කට්ටිය. ස්වාරක්ෂක වගේ මිනිස්සු හරි අඩුයි. අවස්ථාව අනුව ස්වරූපය වෙනස් නොකරන මිනිස්සු මේ ලෝකයේ නැති තරම්.
අපේ ජීවිතයට හම්බවෙනව සමහර මිනිස්සු හැමදාම, හැම ප්‍රශ්නයකදිම අපි එක්ක ඉන්න දිවුරුම් දෙන. ඒත් කාලයක් ගියහම එයාලට ලස්සනට අමතක වෙනවා ඒ පොරොන්දු ඔක්කොම. අපිව එයාලගේ ජීවිතයේ එක කාලයක ළඟින් තියාගත්තේ, ඇත්තටම එයාලට අපිව ඕන නිසා නෙවෙයි. අපිව තියාගත්තේ එයාලගේ කම්මැලිකම කියන තුවාලයට බෙහෙතක් විදිහට විතරයි. තුවාලය හොඳ උන ගමන් pH වෙනස් වෙලා එයාලා හරි ලස්සනට පාට මාරු කරනවා.
ඒත් මම තවමත් එක දෙයක් විශ්වාස කරනවා, ස්වාරක්ෂක මිනිසුන් තවමත් න්‍යෂ්ට නොවී මේ ලෝකය තුළ ඉන්නවා කියන එක. සීෂෙල්ස් වල යෝධ ඉබ්බා වගේ වනමය න්‍යෂ්ට වෙච්ච කට්ටිය. එයාලා හැමතැනම නැහැ. ඉන්නේ හරි සීමිත තැන් වල.
ඒත් එහෙම මනුස්සයෙක් හමු උනොත් කවමදාකවත් ඒ කෙනාව අතහැරගන්න එපා.
එදා ඉරිදා දවසක්. උදේ තියරි ක්ලාස් එකෙන් පස්සේ පැයක විවේකයක් තිබුණා. ඊට පස්සේ පේපර් ක්ලාස් එක. කොහොම හරි එදා පේපර් ක්ලාස් එක නියමිත වෙලාවට කලින් ඉවර උනා. ඒ වෙද්දි තද නිල් පාටට තිබුණු අහස කළු අලු පාට වලාකුළු වලින් පිරිලා තිබුණා. හවස් වරුව පුරාවටම පැතිරිලා තිබුණු ඒ ගිනි ගහන රස්නය, වැස්සකට පෙර මැවුණු ඒ හීතල නිසා යටපත් වෙලාම ගිහින්.
YOU ARE READING
Someone I can't forget (COMPLETED)
Teen Fictionඋදෑසන, දහවල, සැන්දෑව මොනතරම් සුන්දර උනත් රාත්‍රියත් එලෙසටම සුන්දර වේයැයි සිතිය හැකිද? ඒ රැය සඳ නැති අමාවකක් විය නොහැකිද? ආරම්භය සුන්දර වූ පමණින් අවසානය සතුටු දායක වෙනවා නම් මොනතරම් අපූරුද? ඒත් රෝමියෝ ජුලියට් වගේ ආදර කතා ඇතිවෙන්නෙම හද පාරන අවසානයක් ද...