හුළඟට ගසා ගෙන යන වරා මලක් හුළඟට එදිරිව නතර විය නොහැකි නිසාම හුළඟත් එක්කම පාවෙලා යනවා වගේ එයත් උවමනාවක් නැති උනත් අනිත් අය දුවන ජීවිතය නම් වූ තරගයේ තරග වැදෙමින් උන්නා. ඒ තරගය අතර මොහොතක මම සෞම්‍යව දැක්කා.
"සෞම්‍ය!"
පැය ගණනක දිගු පන්ති දෙකකට පස්සේ මම එයාව ආයෙමත් දැක්කා. පුරුදු විදිහටම පාලම ළඟදි. ඈතින් ඉඳන් එයා දිහා බලන් ඉන්නවනම් පැය ගාණක් එක දිගට උනත් බලන් ඉන්න පුලුවන්. ඒක මගේ ඇස් වලට වෙහෙසක් නෙමෙයි. මොකද සෞම්‍ය කියන්නෙ හදවත් හොරා ගන්නෙක්. කැරලි කලු කොණ්ඩය, මූදු වැලි වගේ සියුමැලි ඒ වගේම කලුත් නොවන සුදුත් නොවන ලා දුඹුරු පැහැති සම, ඒ දිදුලන කලු ඇස්, මගේ ඇස් එයාගෙන් ඈතකට යන්නට නොදී එයා ළඟම රඳවගත්තා. ධන ආරෝපිත අංශුවක් දිහාවට ඍණ ආරෝපිත අංශුවක් ඇදිලා යනවා වගේ මම එයා දිහාවටම ඇදිලා ගියා. ඒ ආකර්ෂණ බලය එයා ළඟට යන්න යන්න වැඩි උනා. මොකද දුරත් එක්ක ආරෝපණ දෙකක් අතර ගොඩ නැගෙන ආකර්ෂණ බලය ප්‍රතිලෝමව සමානුපාතික වන නිසා.
එයාට මම කතා කලත් හිතේ පොඩි බයක් තිබුනා එයා මාව මගෑරලා යයි කියලා. ඒත් එයාගේ නම ඇහිච්ච ගමන්ම, හරියට ඒ දේ බලාපොරොත්තුවෙන් හිටියා වගේ පුදුම උවමනාවකින් එයා ආපහු හැරිලා බැලුවා. මාව දැකපු ගමන් හරි ලස්සන විදිහට හිනා උනා. අහිංසක කමයි, හුරතල් කමයි සමානව තිබුණු හිනාවක්. ද්‍රව කලාපයේ මවුල භාග සමාන පරිපුර්ණ ද්වයංගී මිශ්‍රණයක් වගේ. හිනා වෙන කොට පුංචි වෙන ඇස්! ඒක මායාවක්! එක දෙක වසර වල පොඩි එකෙක්ට d ගොනුවෙ ප්‍රැක්ටිකල් කරලා පෙන්නවොත් මොන තරම් පුදුම වෙයිද? කොබෝල්ට් අයන වල ලස්සන රෝස පාට, කොපර් අයන වල ලස්සන නිල් පාට, ෆෙරික් අයන වලට තයෝ සයනේට් දාපුවහම එන තද රතු පාට, පොටෑසියම් ෆෙරෝ සයනයිඩ් එක්ක ෆෙරික් අයන දෙන ප්‍රශියන් නිල් පාට වගේ ලස්සන ලස්සන පාට දිහා මොන තරම් පුදුමයකින් බලං ඉඳියිද? ඒ වගේම පුදුමයක් සෞම්‍යගේ ඒ ලස්සන හිනාව දැකපු මගේ හිතෙත් ඇති උනා.
YOU ARE READING
Someone I can't forget (COMPLETED)
Teen Fictionඋදෑසන, දහවල, සැන්දෑව මොනතරම් සුන්දර උනත් රාත්‍රියත් එලෙසටම සුන්දර වේයැයි සිතිය හැකිද? ඒ රැය සඳ නැති අමාවකක් විය නොහැකිද? ආරම්භය සුන්දර වූ පමණින් අවසානය සතුටු දායක වෙනවා නම් මොනතරම් අපූරුද? ඒත් රෝමියෝ ජුලියට් වගේ ආදර කතා ඇතිවෙන්නෙම හද පාරන අවසානයක් ද...