ඒ ඇස් යලි දුටුවෙමි....
මේන් ගේට් එකේ ඉඳලා ටික දුරක් යනකන් ඇවිදන් යන්න තියෙන්නෙ රොබරෝසියා ගස් දෙපේලියක් යටින්. ස්කෝලෙ මේන් ගේට් එකෙන් ඇතුලට එන ඕනම කෙනෙක් කොහෙදෝ ලෝකයක අතරමං කරන රොබරෝසියා මල් එදත් පාර පුරා. හුළඟත් එක්ක තවත් රොබරෝසියා මල් හරි අපූරුවට පහළට පාවෙලා ආවා.
රොබරෝසියා මල් අතරේ තනි වෙච්ච හරි ලස්සන රෝස පාට කානේශන් මලක් මම දැක්කා. බිමට නැමුණු මම ඒ මල අතට ගත්තේ කානේශන් මලක් මෙතනට ආවෙ කොහොමද කියලා හිතන ගමනුයි. සමහරවිට අද වාරේ පලවෙනි දවස නිසා කවුරුහරි කෙනෙක් පංතියේ මල් බඳුනට දාන්න කානේශන් මල් ගේන්න ඇති. ඒ මලක් රොබරෝසියා මල් වලට පෙමින් බැඳිලා මෙතන නතර වෙන්න ඇති.
කිසිදාක අමතක කළ නොහැකි කියන අරුත රෝස පාට කානේශන් මල් වලට තියෙන බව කොහෙන්දෝ මන්දා මම දැනගෙන තිබුණා. දැන් මටත් අමතක කළ නොහැකි ඇස් දෙකක් තියෙන බව ඒ වෙලාවේ මට තේරුම් ගියා. මේ විදිහෙ සිතුවිලි ගොන්නක මම ඉන්න අතරෙ කොහෙදෝ ඉඳන් කොහෙටදෝ මන්දා හමපු සුළඟක් කානේශන් මල මගෙන් ඈතට ගෙනිච්චා. ඒක ගිහින් නතර උනේ මට පිටිපස්සෙන් ටිකක් ඈතින්.
ඒ මල අහුලගන්න ආපහු ගියපු මම, බිම වාඩි වෙලා ඉන්න වෙලාවේ ආගන්තුක සපත්තු ජෝඩුවක් මගේ ළඟ නතර උනා. රෝස පාට කානේශන් මලත් එක්කම ආපහු නැගිට්ට මම දැක්කේ ඒ ඇස්.
ඔව් එයත් අපේ ස්කෝලෙ!
නිව්ටන්ගේ ආකර්ෂණ බලය ආපහු වැඩ කළා. මේ පාර මම විතරක් නෙමෙයි එයත් ඒ බලයට අහු වෙලා.
"හිත කළඹමින්
හැඟුමන් එබී
ඔච්චම් කළේ
කවදාක හෝ
නොදැනුණු ලෙසින්..."
YOU ARE READING
Someone I can't forget (COMPLETED)
Teen Fictionඋදෑසන, දහවල, සැන්දෑව මොනතරම් සුන්දර උනත් රාත්රියත් එලෙසටම සුන්දර වේයැයි සිතිය හැකිද? ඒ රැය සඳ නැති අමාවකක් විය නොහැකිද? ආරම්භය සුන්දර වූ පමණින් අවසානය සතුටු දායක වෙනවා නම් මොනතරම් අපූරුද? ඒත් රෝමියෝ ජුලියට් වගේ ආදර කතා ඇතිවෙන්නෙම හද පාරන අවසානයක් ද...