09

221 34 21
                                    

"මොකක්ද නුරායා කිව්වේ?"

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

"මොකක්ද නුරායා කිව්වේ?"

"සෞම්‍ය අර බලන්නකෝ කෝච්චියක්. මාර දිගයි නේහ්"

"අපි හැම සතියකම එද්දි ඔය කෝච්චිය ඔතන තියෙනවා. මම ඇහුවෙ ඒක නෙමෙයි"

"ඉතිං හැමදාම එකතැන තියෙන කෝච්චිය ගැන කතා කරමුකෝ!!!"

"තව කෙනෙක් ගැන වෙන කෙනෙක් එක්ක එකතු වෙලා කතා කරන්නේ නෑ මම"

"ඒත් සෞම්‍ය කෝච්චියට පණ නෑනෙ, ඔන්න ඔහේ කතා කරමු"

"හාකෝ. ඔයා හිතන්න එපා මම ඔයාගේ ගැටේට අහුවෙලා අර ප්‍රශ්නෙ අහන එක නැවැත්තුවා කියලා"

"ඔයා ප්‍රශ්නෙකුත් ඇහුවද? මට ඇහුණෙ නෑනේ."

"මොලේ අවුලක්ද කනේ අවුලක්ද මන්දා!"

"මටත් ඒම හිතුනා. බෙහෙත් දෙන්න බැරිද?"

"බෑ"

"ඇයි!"

"එහෙම උනොත් ඔය පිස්සුව හොඳ වෙනවනේ!"

"ඉතිං ඒක හොඳ නැද්ද සෞම්‍ය?"

"නෑ!"

"ඇයි!?"

"මම කැමතියි ඒකට"

"මොකක්ද මටද පිස්සුවටද?"

"දෙකටම"

මම හිතන්නේ එයාටත් කට පාලනය කරගන්න බැරිවුණා. ඊට පස්සේ තත්පර කීපයක විතර නිහඬතාවයක් අපි අතරෙ තිබුණා. පුදුමයෙන් පිරුණු මගේ ඇසුයි ලැජ්ජාවෙන් හැන්ගෙන්න හදන ඒ ඇසුයි එකිනෙකා වෙතම යොමු වෙලා තිබුණා. සිගරට් දුමේ තියෙන නිකොටින් කරනවා වගේම ඒ වචනත් මගේ හෘද ස්පන්දන වේගය ක්ෂණිකව වැඩි කලා. නිකොටින් වලින් තව තවත් සිගරට් වලට ඇබ්බැහි කරනවා වගේම ඒ වචන නිසා මම තව තවත් එයාට ඇබ්බැහි උනා. හරි ආදරණීය ඇබ්බැහි වීමක්. අදටත් පසු නොතැවෙන අන්දමේ ඇබ්බැහි වීමක්.

Someone I can't forget (COMPLETED)Where stories live. Discover now