CHAPTER EIGHT

65 12 1
                                    

සාමාන්‍ය වයසක තරුණ දරුවො දෙන්නෙක් දෙපැත්තක ඉදගෙන තම තමන් එක්කම ඔට්ටු අල්ලනවා.කෙනෙක් ආශාවෙන් මත් වෙලා ඒ පීඩනය දරාගන්න බැරිව ඉන්දැද්දි අනික් පැත්තෙන් කෙනෙක් තමන් ගත්ත තීරණ සමහරක් නිසා අතීතය සහ මතක එක්ක දරගන්න බැරි තරම් වේදනාවෙන් හෙම්බත් වෙලා හිටියෙ.දෙන්නම වෙලාවක කෑ ගහලා අඩනවා,මත් වෙනකල් එයාලට හොයා ගන්න පුලුවන් සැර වැඩිම ජාතිවල මත්පැන් බොනවා-දරාගන්න පුලුවන් හෝ බැරිවේවා එක හිතක් නැතුව හයිඩොස් ඩ්‍රග් ඉන්ජෙක්ට් කරගන්නවා,සෙක්ස් වලින් උත්තර හොයන්න පුලුවන් විදියට එයාලා ඒක උත්සහ කලා...
හැමවෙලේම දෙන්නගෙම කාමර පුරා කා වැදුනු සිගරට් මත්වතුර වගේම ස්ප්‍රෙම්ස්වල සුවදවල් වලින් පිරිලා ගිහිං.දෙන්නගෙන් කවුරුත් හැබැයි මේ දෙන්න ගැනම දැන් තත්වෙ ගැන දැනුවත් නෑ...
අනික් පැත්තෙන් එයාලා දෙන්නගෙ දෙමාපියො දෙන්නා,...
ජන්කුක් මිසිස් පාක්ට මූණ දෙන විදියක් සහ එයා ගිහිං සේයා එක්ක කතා කරන්න යන දේ එක්ක සේයාගෙ රියැක්ට් එක ගැන හිටියෙ කලබලෙන්.ටේහියුංග් කියන්නෙ එයා වගේ පියෝ ගේ කෙනෙක් නෙවෙයි කියලා ජන්කුක් හොදටම දන්නවා.මේ දේ යුනී එකේ හැමෝම වගේ අතර ප්‍රසිද්ධ රහසක් වුනා වගේම ටේහියුංග්ගෙ ප්‍රසිද්ධියත් එක්ක ඒක යුනී එකෙන් පිට පවා ගොඩක් අය දැනං හිටියා.අනුමානය හරි නම් මිසිස් පාක් පවා මේ ගැන දන්නවා කියලා ජන්කුක් හිතුවා.ඉතින් එයා මිස්ටර් පාක්ට සැලකුවා වගේ එයාගෙ පුතාටත් ඒ දේම ජන්කුක්ගෙ පවුලෙන් සිද්ධ වෙයි කියන බය එක්ක මිසිස් පාක් හැසිරෙන විදිය ඉමජින් කරලා බලන ජන්කුක්ටත් සිහිය එකතැනක තියාගන්න බැරි වුනා.

ආශ්ශ්...මේ දරුව නම්ම්...
එක්කො වෙලාවක මටම පිස්සු හැදෙනවා...

හවස් වෙලා බැල්කනි එකට වෙලා උණුසුම් කෝපි කෝප්පයක් අතේ තියාගෙන තාලයකට පැද්දෙන හාන්සි පුටුවට බර වුනේ එක අතක ඇගිලි තුඩුවලින් තමන්ගෙ නළලෙ දෙපැත්ත තෙරපගන්න ගමන්.එයාට එකපාරටම මතක් වුනේ එදා ජිමින් එයාව දැකලා බය වෙලා බලන් හිටපු විදිය වගේම එතැන් පටන් වෙච්ච හැම සිද්ධියක්ම.අවසානෙට ජන්කුක්ගෙ හිතට දැනුනෙ මහ අමුතු හැගීමක්.කවදාවත් නොදැනුන.ඒකට නමක් දෙන්න එයාට තේරුනේ නැති නිසා ඒකට නිර්නාමික හැගීමක් වෙන්න ජන්කුක් හරි ලෝභකමින් වෙලාව වෙන් කලා.ජන්කුක්ට නිකං හීනෙන් වගේ ඇහුනා ජිමින් එයාට ඩඩා කියනවා වගේ.එකපාරක්...
දෙපාරක්...
තුන් පාරක් කතා කරපු තැන එයාගෙ උරහිස උඩින් කවුරු නමුත් අත තියෙනවා දැනුනු ජන්කුක් ඇස් දෙකත් පියාගෙන ජිමින්ගෙ සිහින් ලෝකෙ අතරමං වෙලා ඉද්දි ඒ ස්පර්ශයෙන් ගැස්සිලා පියවි සිහි එලබුනා.

You've reached the end of published parts.

⏰ Last updated: Jan 24 ⏰

Add this story to your Library to get notified about new parts!

DADDY'S LOVE || JIKOOKWhere stories live. Discover now