CHAPTER TWO

94 20 13
                                    

ටේහ්‍යුන්ග් වේගෙන් තමන්ගෙ කාර් එක අපාට්මන්ට් එකට ඩ්‍රයිව් කරගෙන ආවෙ හදිස්සියෙන්...ඒ ඇයි කියන එකට උත්තර ටේහ්‍යුන්ග්ටත් නැති වුනා...හිතන්නත් කලින් අද ටේහ්‍යුන්ග් එයාලගෙ ගෙදර...

ඔව් ඊලගට ටේහ්‍යුන්ග් කලේ එයා අරගෙන ආව මේ කොල්ලව අමාරුවෙන් හරි උස්සගෙන ගෙදර ඇතුලටම ආව එක...කොහොම හරි ටේ ගෙට ගොඩ වුනේ කිසිම සද්දයක් නෑහෙන්න වගේම එයාගෙ අත් අතරට මේ පුංචි ස්ලට්වත් අරගෙන.එයා ගෙදරට හොරෙන් ගොඩ වුන පළවෙනි වතාව මේක නොවෙන්න ඇති.ඒත් අද එයා අරන් ආව කෙනත් එක්ක එයාගෙ ඩඩා මේ ගැන දැනගන්නවට එයා අදිමදි කලා..

මොකද එයාගෙ ඩඩා දන්නවා ටේහියුංග් ප්ලේ බෝයි කෙනෙක් වගේම එයා ගොඩක් දුරට සෙක්ස් එක්ක ජීවත් වුන සෙල්ලක්කාර කොල්ලෙක් වුනත් මොන හේතුවක් නිසාවත් කාටවත් ඔළුව නමන ජාතියෙ කෙනෙක් නෙවෙයි කියලා නිසා...

ඒ වගේම එයා දන්නවා මේ ෆක් බෝයි එක්ක ටේහ්‍යුන්ග්ට තිබ්බෙ සුළුපටු තරහකුත් නෙවෙයි කියලා...යුනි එකේදි මේ දෙන්නා මූණට මුණ ගැහුනත් මග ඇරලා දෙන්න දෙපැත්තට යද්දි අද මේ ෆක් බෝයිව තමන්ගෙ ගෙදරටම අරන් එන්න එයාගෙ හිත බලකලේ ඇයි කියන්න ටේ හිතන්න ගියෙ නෑ...

කොහොම නමුත් මොන කතන්දර කීවත් දවල් මැච් එකෙන් පස්සෙ බලාපොරොත්තු නොවුන විදියට වුන වැඩෙත් එක්ක ටේහ්‍යුන්ග් හිටියෙත් අමාරුවෙන්...ඉතින් මෙයත් කොච්චර ශක්තිමත් වුනත් මේ කොල්ල පුංචියට හිටියට එයා හිතුවට වඩා බරින් වැඩි වෙද්දි ටේට ටිකක් රුස්සන්නෙත් නැති වුනා...

එයා ඉක්මන් කරලා අප්ස්ටෙයා එකට යන්න ගියත් පඩිපෙළ අතරමැද කකුල පැටලිලා අර කොල්ලත් එක්කම වැටෙන්න ගිහින් අමාරුවෙන් වත්තම් කරගෙන බේරුන විදිය ගැන නම් දන්නෙ ටේහ්‍යුන්ග්ම විතරයි...කොහොම හරි අඩි ඉක්මන් කරපු ටේහ්‍යුන්ග් රූම් එක ඉස්සරහ හිටගත්තෙ ටිකක් අපහසුවෙන්...

“ආහ් ෆක්!!”

ටේහ්‍යුන්ග්ගෙ කටින් ශාපයක් පැන්නෙ ඉබේටමයි.මේ ගැස්සිල්ල එක්කම ටේහ්‍යුන්ග් අතේ හොදට ගුලි වෙලා හිටිය පුංචි කොල්ලාගෙ නින්ද එකපාරටම කැඩිලා ගියා...

DADDY'S LOVE || JIKOOKWhere stories live. Discover now